සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කරණ ලද කොවිඩ්19 වෛරස ආසාදිත මරණ 21 සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති අධ්‍යයක්ෂක ජනරාල්වරයා විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබේ. එම වාර්තාවට අනුව අදාල කොවිඩ් මරණ 20 සිදුවී ඇත්තේ 2021 මැයි 11ත් මැයි 16ත් අතර කාලය තුළ වන අතර එහි සඳහන් 21වන මරණය සිදුවී ඇත්තේ 2021 පෙබරවාරි 07 වනදා වීම විශේෂත්වයකි. මෙම මරණ 21ත් සමඟ ශ්‍රී ලංකාව තුළ සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 962 දක්වා ඉහළ යයි.
සිදුවූ මරණ වයස් කාණ්ඩ අනුව ගොනු කළ විට වයස් කාණ්ඩ 30-39 අතර 1ක් මරණයක් ද 50-59 වයස් කාණ්ඩ අතර මරණ 5ක්ද වයස් කාණ්ඩ 60-69 අතර මරණ 8ක්ද වයස් කාණ්ඩ 70-79 අතර මරණ 4ක් ද 80ට වැඩි වයස් කාණ්ඩයේ මරණ 3ක්ද සිදුව ඇති බව විද්‍යාමානවේ.
එසේම එම සංඛ්‍යා ලේඛන විශ්ලේෂණයේදි පිරිමි පුද්ගලයන් 15 දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු අදාළ කාලය තුළ මිය ගොස් ඇති බව තහවුරුවේ.
සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමේදී දක්වන අකර්යක්ෂමතාවය ඊයේ නිකුත් කළ වාර්තාවෙන් නැවත වතාවක් තහවුරු වන බව විදතුන්ගේ මතයයි.
සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයා ඉදිරිපත්කරණ සංඛ්‍යා ලේඛන සම්බන්ධව පසුගිය 14 වනදා ලංකාලීඩ් පුවත් වෙබ් අඩවිය පළ කළ වාර්තාවේ උපුටනය පහත පළවේ.
“සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයා මෙසේ අවිධිමත්ව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන මගින් එක් අතකින් වසංගතය පාලනය කිරීම පිණිස තීන්දු තීරණ ගැනීමට අවශ්‍යය නිවැරදි දත්ත නැතිව යනවා පමණක් නොව වෙනත් නිළ නොවන වාර්තා කෙරෙහි ජනතාව විශ්වාසය තැබීමට යොමු වීම වැලැක්විය නොහැකි යැයි ඔහු පෙන්වා දුන්නේය. මෙසේ විවිධ නිළ නොවන මට්ටමින් ලැබෙන සංඛ්‍යා ලේඛන කෙරෙහි මහජනයා විශ්වාසය තබා ඇති බව තහවුරු වන්නේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ බොහෝ සේවකයන් රට පුරා දිනකට මිය යන කොවිඩ් ආසාදිතයන් ගණන 100කට ආසන්න බව විශ්වාසවන්තව එදි නෙදා කතා බහේදී පැවසීමට කටයුතු කරණ බව ඔහු නිරීක්ෂණය කර ඇති නිසා බව පවසයි.
ඒ අනුව නම සඳහන් කිරීමට අකමැති වූ සංඛ්‍යා ලේඛන විශේෂඥයා අවධාරණය කරන්නේ වහ වහාම මෙම තත්වය නිවැරදි කිරීමට සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයා කටයුතු කළ යුතු බවයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...