දේශීය පුවත්

කොවිඩ් ආසාදිතයන්ගෙන් රජයේ බටහිර රෝහල් පිරී ඉතිරී යෑමත් සමඟ ආයුර්වේද රෝහල් වලින් ඇඳන් ලබා ගත්තද එම රෝගීන්ට ආයුර්වේද වෛද්‍යය ප්‍රතිකාර ලබා දීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. ඒ අනුව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ,”කැමැත්තකින් තොරව කොවිඩ් ආසාදිතයෙකු ආයුර්වේද රෝහලකට ඇතුලත් කළද එම රෝහලේ වෛද්‍යයවරුන් විසින් රෝගියාගේ කැමැත්ත ඇතිව දේශීය ප්‍රතිකාර ක්‍රම මගින් රෝගියාගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සහ රෝග ලක්ෂණ පාලනය කිරීම දේශීය වෛද්‍යයවරුන්ගේ මෙන්ම ආසාදිතයන්ගේද අයිතියකි.එසේම යම් රෝගියෙකු දේශීය ප්‍රතිකාර අවශ්‍යය බවට ස්වේච්ඡාවෙන් ඉල්ලීමක් කරන්නේ නම් සහ ඔහුගේ රෝගී තත්වය බරපතල මට්ටමක නොවේනම් එම රෝගියාට ආයූර්වේද රෝහලකට ඇතුළත්වීම සහ ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව දිය යුතුය.එසේ නොකිරීමද  රෝගියාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.එම රෝගීන්ට අධිකරණයේ පිහිට පැතීමේ හැකියාවද ඇත.ඊට අමතරව පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට නඩු වැටුනා සේ කෝවිඩ් වෛරස් වසංගතය පාලනය කර ගැනීමට නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අනාගතයේ දිනක අපරාධ නඩු නිමිත්තක් මතුවීමේ ඉඩකඩක් තිබෙන බවද අවධාරණය කළ යුතුයි. ඊට හේතුව කොවිඩ් පාලන ක්‍රමවේද තුළ බරපතල අඩුපාඩුකම් සහ සිතාගත නොහැකි මට්ටමේ දුර්වලතා තිබීම නිසා ඉන්දියාවට අත්වූ ඉරණම අපටද අත්වූ බවට සාක්ෂි ඉදිරිපත් විය හැක.”  යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More