විදේශ පුවත්

ඊශ්‍රායල් ආරක්ෂක හමුදා දිගින් දිගටම අමානුෂික ලෙස පලස්තීනයට බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටින මොහොතක ඉකුත් 15 වනදා ගාසා තීරයේ පිහිටි Associated press සහ අල් ජසීරා (Al jazeera)යන මාධ්‍ය ආයතන ගොඩනැගිලි වෙත ඉලක්කගත ගුවන් පහරක් එල්ල කර ඇත.

මෙම බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් අල් ජසීරා (al jazeera) සමාගමේ විධායක නිලධාරී ගැරී පෘට්(gary pruitt)සඳහන් කර සිටියේ  මෙම ප්‍රහාරයට පැයකට පමණ පෙර තම ප්‍රවෘත්ති අංශයට අනතුරු ඇඟවීමක් ලැබුණ හෙයින්   විශාල ජීවිත හානියක් වළක්වා උගත හැකි වූ බවයි. තවද ගැරී පෘට්(gary pruitt) ඊශ්‍රායල් රජයට චෝදනා එල්ල කරමින් පවසා සිටියේ සත්‍ය තොරතුරු වාර්තා කරන මාධ්‍ය ආයතන නිශ්ශබ්ද කිරීමට ඊශ්‍රායල් රජය උත්සාහ කරන බවයි.

මෙම ප්‍රහාරය සාධාරණීකරණය කරමින් ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ප්‍රකාශ කර සිටියේ මෙම ගොඩනැගිල්ල හමාස් සංවිධානයේ බුද්ධි තොරතුරු රැස් කිරීම සහ වෙනත් අරමුණු සඳහා යොදා ගන්නා බවත් එම ආයතනයෙන් නීත්‍යානුකූල මිලිටරි ඉලක්කයක් බවත් සඳහන් කරමින් එම ප්‍රහාරය සාධාරණීකරණය කළේය.

https://www.rt.com/news/523932-associated-press-al-jazeera-condemn/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More