දේශීය පුවත්

සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයා විසින් ආයුර්වේද රෝහල් වලට කොවිඩ්19 වෛරස් ආසාදිතයන් ඇතුලත් කර ගැනීමට අනුමැතිය ලබා දීමට මෙතෙක් කටයුතු කර නැති බව හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් නිමල් කරුණාසිරි මහතා චෝදනා කරයි.

චීනය වැනි රටවල් කොවිඩ් 19 වෛරස් වසංගතය පාලනය කිරීම පිණිස එම රටවල පවතින සම්ප්‍රදායික වෛද්‍යය ක්‍රම භාවිත කළ බව ලොවම පිළිගත් සත්‍යයක් බව පවසන හිටපු ආයුර්වේද කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුව සතු ආයුර්වේද ශික්ෂණ රෝහල් සහ පළාත් රෝහල් වල ඇඳන් 5000කට ආසන්න සංඛ්‍යාවක් සහ කාර්ය මණ්ඩලය සූදානමින් සිටියද මෙම නිළධාරින් දෙපලගේ ක්‍රියාකලාපය හේතුවෙන් රෝගීන් සුවපත් කිරීමට තිබෙන අවස්ථාව දිනෙන් දින කල් යන බවට චෝදනා නගයි.

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නිමල් කරුණාසිරි මහතා අවධාරනය කර සිටියේ ජීවිත බේරාගතව තිබියදී මියයන අසරණ රෝගීන්ගේ ජීවිත වලට වගකීම මේ නිළධාරින් දෙදෙනා විසින් භාර ගත යුතු බවයි.

අප වෙත අදහස් දැක්වූ ආයුර්වේද වෛද්‍යයවරුන් පිරිසක් පවසා සිටියේ කොවිඩ් ආසාදිතයන් මිය යාමට ඉඩ දී රජය සහ ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කිරීමේ උත්සාහයක සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයා සිටිනවාදැයි සැක සිතෙන ආකාරයට එම දෙපල හැසිරෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More