ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මහතා දෛනික මාධ්‍යය හමුවට එක්වෙමින් පවසා සිටියේ කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට පත්වී ඇති බවයි.
අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ කොවිඩ් -19 ආසාදිතයින් රෝහල්ගත කිරීම්වල වැඩිවීමක් ශ්‍රී ලංකාවේ පවතින බවත් ඉන්දියාවේ පවතින තත්ත්වය පිළිබඳව ද දැඩි අවධානයෙන් පසුවන බවත්ය.
එහිදී අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව යන රටවල් ද හදිසි අවශ්‍යතා සහිත රටවල් බවට හඳුනාගෙන ඇති බවයි.
මෙම වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එකම පියවර එන්නත් ලබාදීම සහ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන බව පවසන අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ වනවිට එන්නත් සැපයීම ප්‍රධාන අභියෝගයක් ලෙස පවතින අතර එන්නත් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය පවතින බවද පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...