බොහෝ දෙනා මේ දිනවල නිරන්තරයෙන් විමසන දෙයක් නම් අපට එන්නත් ලැබෙන්නේ කවදාද? යනුවෙනි. විශේෂයෙන් අනුරාධපුරයෙන් දිනකට මේ ගැන විමසමින් මට දුරකතන ඇමතුම් 100 වඩා ලැබේ. අනුරාධපුරයේ සෞඛ්‍ය රාජ්‍ය ඇමති කෙනෙක් සිටියදී අපට එන්නත් ටික දෙන්න බැරිදැයි ඔවුහු විමසති. කොළඹට කිරි අපට කැකිරිදැයි විමසති. ආණ්ඩුවට බැරිනම් පෞද්ගලික අංශයට එන්නත් ගේන්න දුන්නනම් ඉවරයි යනුවෙන් ද ඇතැම්හු පවසති.
මට පමණක් නොව, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා මැතිනියට ද, අගමැතිතුමාට ද, ජනාධිපතිතුමාට ද හිතෙන හිතෙන ස්ථානවලට එන්නත් ලබා දිය නොහැකිය. එසේ පුළුවන් වූවානම් හම්බන්තොටට සහ රත්නපුරයට එන්නත් ලැබී බොහෝ කල් විය යුතුය.
එන්නත් ලබා දෙන්නේ ඉහලම රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන දිස්ත්‍රික්කවල ඉහලම අවදානම ඇති ග්‍රාම නිලධාරී කොට්ටාශවල ජනතාවටය. මේ ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශ හඳුනා ගන්නේ බුද්ධි අංශ සහ වසංගත රෝග විද්‍යා ඒකකය විසිනි. ඉහලම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට ප්‍රමුඛස්ථානය ලැබුනේ ඔවුන් ලබා දුන් විස්තර අනුවයි. කොළඹ දිස්ත්‍රික්කයට එන්නත් ලබා දෙනවායැ යි පැවසුනද එහි ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශ 566 එකවර එන්නත් ලබා දීම සිදු නොකෙරේ. කොළඹ දිස්ත්‍රික්කය තුළ අවදානම ඉහලම ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශ අනුපිලිවෙලට ලැයිස්තු ගත කර ඇත. එනම් එන්නත් මුලින් ලබා දෙන්නේ අවදානම ඉහලම දිස්ත්‍රික්කවල අවදානම ඉහලම ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශවලටයි.
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක හැරුණු විට අවදානම ඉහලම කුරුණෑගල, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට ඊලගට එන්නත්කරන ප්‍රමුඛතාව ලැබෙනු ඇත.
පෞද්ගලික අංශයට COVID 19 එන්නත් ගෙන එන්න එපායැයි කවරකු හෝ කියා නැත. එන්නත් නිපදවන මව් සමාගම් ශ්‍රී ලංකාවේ නියෝජනය කරන නියෝජිත සමාගම් සිටී. එම නියෝජිත සමාගම් සියල්ලක්ම පාහේ එන්නත් තම සමාගමට ගෙන්වා ගැනීමට මව් සමාගමෙන් ඉල්ලීම් කල නමුත් ඔවුන් දන්වා ඇත්තේ එන්නත් ලබා දෙන්නේ රජයකට පමණක් බවයි. එහෙයින් දැනට ශ්‍රී ලංකාවට එන්නත් ගෙන්විය හැක්කේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) ට පමණි. නිෂ්පාදන සමාගම් සිය තීරණය වෙනස් කළහොත් පමණක් පෞද්ගලික අංශයට එන්නත් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
මහාචාර්ය චන්න ජයසුමන
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...