දේශීය පුවත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා පවසා සිටින්නේ මීගමුව මහ රෝහලේ කායික රෝග අංශයට ඊයේ(14) දිනයේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සෙම්ප්‍රතිශ්‍යා රෝගීන් සඳහා කළ කොරෝනා පරීක්ෂණ වලින් 80%ක්ම ආසාදිතයන් ලෙස හඳුනා ගෙන තිබෙන බවයි.

ඒ අනුව මෙය ඉතාමත් දරුණු අවදානම් සහගත තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරනය කර සිටී.

උදාවී තිබෙන තත්ත්වය මත ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරි දෙසතිය තුළ අනපේක්ෂිත ලෙස කොරෝනා ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දේ.

මෙම අවදානම් සහගත තත්වය නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය කඩාවැටීමේ තත්ත්වයක් නිර්මාණය වන බවත් එම තත්වය මග හරවා ගැනීමට වහා සැළසුම් සකස් කළ යුතු ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.

දැනට එම දිස්ත්‍රික්කයේ සිටින අවදානම් අඩු කොරෝනා ආසාදිතයන් නිවෙස් තුළම රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ රැඳවීම සුදුසු බවත් මෙම අවදානම් සහගත තත්ත්වය ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇති බවත් ඔහු තව දුරටත් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More