දේශීය පුවත්

පවතින වසංගත තත්ත්වයත් සමග රෝහල්වල ඇතිවී තිබෙන තදබදය හමුවේ ඉදිරියේදී කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කිරීමේදී ගැබිනි මව්වරුන්, නිදන්ගත රෝග පවතින අයට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට ප‍්‍රමුඛතාව ලබා දීමට තීරණය කර ඇතැයි කොවිඞ් රෝග මර්දන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ස`දහන් කළාය.

මේ වන විට පවතින තත්ත්වය හමුවේ ආසාදිත බවට හඳුනා ගන්නා සියලූම දෙනා ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමේ හෝ අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඇතුළත් කිරීමේ හැකියාවක් නොමැති බව ද ඇමැතිවරිය කීවාය.

විශේෂයෙන් වෛරසය ආසාදනය වුවද රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන් ප‍්‍රතිකාර ස`දහා රෝහල්ගත කිරීමේදී සෞඛ්‍ය කණ්ඩායම් ද ගැටලූවලට මැදිවන අතර ඒ හේතුවෙන් ප‍්‍රතිකාර අත්‍යවශ්‍ය ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීමේදී ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන තත්ත්වයක් ද නිර්මාණය වී ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන් නිවෙස්වලම තබා ප‍්‍රතිකාර කිරීමට කටයුතු සිදුවෙමින් තිබෙන අතර එහිදී වෛiවරුන් දුරකථන ඔස්සේ නිවෙස්වල සිටින එම ආසාදිතයන්ගේ තොරතුරු විමසමින් අවශ්‍ය වෛi උපදෙස් ලබාදීමට නියමිතය.

මේ අතර පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමග දිගින් දිගටම දිනපතා දෙදහස ඉක්මවා ආසාදිතයන් වැඩි වන අතරේ කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්ත්වයට පත්වූ තවත් පුද්ගලයන් 24 දෙනකු මරණයට පත්වූ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙරේදා රාති‍්‍රයේ නිවේදනය කළේය.

එම මරණ අතරින් වැඩි ප‍්‍රමාණයක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවූ නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් සිදුව තිබිණි. එම මරණ 24 ත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ ප‍්‍රමාණය 892 දක්වා ඉහළ ගියේය.

එසේම මෙරට තුන්වැනි කොරෝනා රැුල්ලෙන් තවත් ආසාදිතයන් 889 දෙනකු වාර්තා වූ බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (14 වැනිදා* පස්වරු 6.30 වන විට නිවේදනය කළේය.

එම ආසාදිතයන් පිරිසත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන ද 136685 දක්වා ඉහළ ගිය අතර වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් 1306 දෙනකු ඊයේ දහවල් වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමග කොරෝනා වෛරසය ආසාදනය වී මේ දක්වා පූර්ණ සුවය ලද සංඛ්‍යාව ද 110108 දක්වා වැඩි විය.

මේ අතර දැනට බස්නාහිර පළාතට පමණක් සීමා කරමින් සිදුකරගෙන යන එන්නත් කිරීමේ වැඩපිළිවෙළ නුදුරේදීම බස්නාහිරින් පිටතට රැුගෙන යමින් මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ති‍්‍රක්කවලත් ආරම්භ කරනු ලබන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ස`දහන් කළාය.

මෙරට ජනගහනයෙන් මිලියන 13කට එන්නත් ලබාදීමට තීරණය කර තිබෙන බව ද පැවසූ ඇමැතිවරිය එම දිස්ති‍්‍රක්කවලට සමගාමීව එන්නත් ලැබෙන ආකාරය අනුව සෙසු දිස්ති‍්‍රක්කවල ජනතාවට එන්නත් ලබාදීම අරඹන බව ද පැවසුවාය. මේ අතර බන්ධනාගාර රැු`දවියන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ඔවුන්ගේ තොරතුරු දැන ගැනීමේදී ඥාතීන් මුහුණ දෙන දුෂ්කරතා ම`ගහැරවීම ස`දහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ ස`දහා තොරතුරු ලබා දීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කළ බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා ස`දහන් කළේය. ඒ අනුව දුරකථන අංක 011-4677101 ඇමතීමෙන් කොරෝනා ආසාදිත බන්ධනාගාර රැු`දවියන්ගේ සියලූම තොරතුරු කඩිනමින් ලබා ගැනීමට ඥාතීන්ට අවස්ථාව ලැබෙන බව ද ඒ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More