දේශීය පුවත්

2021 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව වෙනුවෙන් නිකුත් කළ මූල්‍ය ප්‍රකාශනයට අනුව අදාළ මූල්‍ය කාර්තුව තුළ දී ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 8.92 ක හෙවත් රු. කෝටි 892 ක අලාභයක් වාර්තා කර තිබේ.

නමුත් 2020 ජනවාරි – මාර්තු කාර්තුව තුළ දී රු. බිලියන 17.5 ක අලාභයක් ලංකා විදුලිබල මණ්ඩලයට විඳ දරා ගැනීමට සිදුව තිබුණු පසුබිමක එම අලාභය 49.01% කින් අඩු කර ගැනීමට මෙම කාර්තුවේ දී හැකියාව ලැබී තිබීම විශේෂත්වයකි.

විදුලි බල මණ්ඩලයේ පාඩුවට ප්‍රධාන වශයෙන් ආදායමට වඩා විකුණුම් වියදම් ඉහළ අගයයක් ගැනීම මූලික වශයෙන් හේතු වී තිබේ. 2021 මුල් කාර්තුවේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම රු. බිලියන 59.74 ක් වුවද විකුණුම් වියදම රු. බිලියන 66.15 ක් ලෙසින් වාර්තා වී ඇත.

පසුගිය අප්‍රේල් 08 දින ලංකා විදුලිබල මණ්ඩලය ලැයිස්තුගත ණයකර නිකුතුවක් සිදුකළ අතර ඊට අදාළව කාර්තුමය මූල්‍ය ප්‍රකාශන කොළඹ කොටස් ‌වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීම අනිවාර්යය වී තිබේ. ඒ අනුව 2021 මාර්තු 31 න් අවසන් කාර්තුව ට අදාළ අතුරු මූල්‍ය වාර්තාව මණ්ඩලය විසින් ඊයේ (12) දින කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන ලදී.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More