අද (14) පෙරවරුවේ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සරත් ලැනරෝල් මහතා අවධාරණය කර සිටියේ සුළු රෝගී තත්ත්වයක් ඇති වුවද ගර්භණී මව්වරුන් හැකි ඉක්මණින් ආසන්නයේම පිහිටි රෝහලට ඇතුළත් වන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දැනුම් දෙන බවයි.
එම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ගර්භණී මව්වරුන් දැඩි බලපෑමකට ලක්ව ඇති බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය සරත් ලැනරෝල් මහතා,”ඉතාමත්ම සුුළු රෝගී තත්ත්වයක් පැවතුනත් ගර්භණී ඔබ හැකි ඉක්මණින්ම රෝහලකට ඇතුළු වෙන්න. එසේ නොමැතිව රෝගී තත්ත්වය බරපතළ වී රෝහල්ගත වෙන්න වුණොත් ඇතිවෙන සංකූලතාවයන් වැඩි වෙන්න පුළුවන්.”
සංචරණ සීමා පනවා තිබුණ ද කාසල් වීදියේ කාන්තා රෝහලේ සිදු කෙරෙන සියලුම සායනික කටයුතු එලෙසම ක්‍රියාත්මක වන බව එම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...