ගොවියන්ට එළවළු ගේන්න කියා ආණ්ඩුව ගොවියෝ වෙළෙන්දෝ අමාරුවේ දැම්මා – මාතලේ මන්ත්‍රීනී රෝහිණී කවිරත්න
ආණ්ඩුව ගොවීන්ට එළවළු පළතුරු දඹුල්ලේ තොග පොළට අරගෙන එන්න යැයි කියා අමාරුවේ දැමූ බවත් මේ වන විට දඹුල්ලේ එළවළු කිලෝ ලක්ෂ 26 ක් විකුණා ගත නොහැකිව ගොඩ ගැසී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පවසයි.
කොරෝනා පළමු රැල්ල අවස්ථාවේ දී වගේම මෙවරත් ආණ්ඩුව ගොවියෝ – ව්‍යාපාරිකයෝ – අතරමැදියෝ අමාරුවේ දමා තිබෙනවා. ඊයේ දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග රැගෙන එන ලෙස ගොවීන්ට දැන්වුවා. නමුත් අද කිසිදු ව්‍යාපාරිකයෙකුට දඹුල්ලට පැමිණ නෑ. එළවළු කිලෝ ලක්ෂ 26 ක් අද දිනයේ දඹුල්ලට රැගෙන විත් තිබෙනවා.
මේ ආණ්ඩුවට මාතලේ දිස්ත්‍රිකයේ එළවළු අස්වැන්න ජනතාවට බෙදා ගන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ. ‘ඇඳිරි නීතිය‘ වචනය කියන්නේ නැතිව ගොවියෝ අන්දමන්ද කරලා අද මහා විනාශයක් කළා. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ මිල වෙනස් කරන්නට අර්බුදයක් ඇති කරන්නට දේශපාලඥයෙක් හා ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් ලබාගෙන ඉන්නවා. ගොවියෝ එළවළු රැගෙන ආ පසුව ඒවා ගොඩ ගහලා ප්‍රවාහන බාධක පැනවූවේ රටේ ආහාර හිඟයක් ඇති කරලා දැවැන්ත ලාබයක් ලබන්නයි.
රට පුරාම මිනිස්සුන්ට අවශ්‍ය ආහාර වර්ග හිඟයක් තියෙනවා. මිනිස්සුන්ට කන්න තියෙන එළවළු අස්වැන්න මෙලෙස විනාශ කිරීම අපරාධයක්.
රජය වහාම මේ එළවළු අස්වැන්න මිලදී ගෙන පිටපලාත්වලට බෙදා හැරීම ඇරඹිය යුතුයි. මිනිස්සුන්ට කන්නට තියෙන එළවළු ටික විනාශවී යාම වලක්වා ගත යුතුයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...