දේශීය පුවත්

සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ඊයේ(13) රාත්‍රී 11:30ට නිකුත් කරණු ලැබූ වාර්තාවකට අනුව මැයි මස 11 වෙනිදා සිට මැයි මස 13 වනදා දක්වා කොවිඩ් මරණ 24ක් සිදුව ඇති බව තහවුරු වේ.ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 892 දක්වා ඉහළ යයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සංඛ්‍යා ලේඛන විශේෂඥයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටියේ සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයා කොවිඩ් වෛරස ආසාදනයෙන් මිය යන අය පිළිබඳව ඉදිරිපත් කරන වාර්තා විධිමත් නොවන බවයි. මෙවැනි වසංගත රෝගයක් පවතින අවස්ථාවක ජනතාවට වසංගතය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා දීම අතිශය වැදගත් බව එම සංඛ්‍යා ලේඛන විශේෂඥයා අවධාරණය කරයි. මෙය හුදු මහා මාර්ගයේ ගමන් ගන්නා කාර්, බස් ,වෑන් සංගණයකට ලඝු කොට ගණන් තැබීමක් නොකළ යුතු බව එම විශේෂඥයා වැඩිදුරටත් අවධාරණය කරයි.

සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයාමෙසේ අවිධිමත්ව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන මගින් එක් අතකින් වසංගතය පාලනය කිරීම පිණිස තීන්දු තීරණ ගැනීමට අවශ්‍යය නිවැරදි දත්ත නැතිව යනවා පමණක් නොව වෙනත් නිළ නොවන වාර්තා කෙරෙහි ජනතාව විශ්වාසය තැබීමට යොමු වීම වැලැක්විය නොහැකි යැයි ඔහු පෙන්වා දුන්නේය. මෙසේ විවිධ නිළ නොවන මට්ටමින් ලැබෙන සංඛ්‍යා ලේඛන කෙරෙහි මහජනයා විශ්වාසය තබා ඇති බව තහවුරු වන්නේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ බොහෝ සේවකයන් රට පුරා දිනකට මිය යන කොවිඩ් ආසාදිතයන් ගණන 100කට ආසන්න බව විශ්වාසවන්තව එදි නෙදා කතා බහේදී පැවසීමට කටයුතු කරණ බව ඔහු නිරීක්ෂණය කර ඇති නිසා බව පවසයි.

ඒ අනුව නම සඳහන් කිරීමට අකමැති වූ සංඛ්‍යා ලේඛන විශේෂඥයා අවධාරණය කරන්නේ වහ වහාම මෙම තත්වය නිවැරදි කිරීමට සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයා කටයුතු කළ යුතු බවයි.

සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයා පවසා සිටින මැයි 8 සහ 13 අතර කාල සීමාවේ මිය ගිය කොවිඩ් ආසාදිත මරණ 24 තුළ කාන්තාවන් 11ක් සහ පිරිමින් 13ක් වේ.

එම අයගෙන් වයස අවුරුදු 40-49 වයස් කාණ්ඩයේ කාන්තාවන් තිදෙනෙකු කොවිඩ් ආසාදනයෙන් මිය ගොස් ඇති අතර එම වයස් කාණ්ඩයේ පිරිමින් දෙදෙනෙකු මිය ගොස් ඇත. 50-59 වයස් කාණ්ඩයේ මිය ගොස් ඇත්තේ එක් කාන්තාවක පමණි.60-69 වයස් කාණ්ඩයේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු මිය ගොස් ඇත.70-79 වයස් කාණ්ඩයේ කාන්තාවන් පස් දෙනෙකු හා පිරිමින් හතර දෙනෙකු මිය ගොස් ඇත.එසේම වයස අවුරුදු 80ට ඉහළ කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු පමණක් මිය ගොස් ඇති බව සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයාගේ වාර්තාවෙන් කියවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More