මේවන විට පවතින අධික වර්ෂාව නිසා ගිං ගඟ සහ නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.ඒ අවට පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දැනුම්දී සිටියි.
ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් අද (14) දිනයේත් තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම සබරගමුව, දකුණු, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදෙශවලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකිබව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. බස්නාහිර, දකුණු, වයඹ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි වැසි ඇති වන බවද එම ප්‍රකාශකයා කීවේය.
එමෙන්ම දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි අතර උතුරුමැද සහ වයඹ පළාත්වල පැයට කිලෝමීටර 60 ක පමණ වේගවත් සුළං පැවතිය හැකි බව ද ඔහු පැවසීය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...