දේශීය පුවත්

ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දර ත්‍රිත්වය, මුල්දින කවරය සහ සිහිවටන පත්‍රිකාව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (12) අරලියගහ මන්දිරයේ දී මා වෙත පිළිගැන්වූයේ ය.

මෙවර ජාතික වෙසක් උත්සවය යාපනයේ ඓතිහාසික නාගදීප රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ අතර සමරු මුද්දර සඳහා ද උතුරු හා නැගෙනහිර ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවල චිත්‍ර යොදා ගෙන තිබේ.

වව්නියාව සපුමල්ගස්කඩ විහාරය, යාපනය කදුරුගොඩ විහාරය සහ වව්නියාව මඩුකන්ද දළදා විහාරය ඇසුරින් නිර්මාණ ශිල්පී පාලිත ගුණසිංහ මහතා රු. 10, රු. 15 සහ රු. 45 බැගින් වටිනා මෙම සමරු මුද්දර නිර්මාණය කර තිබේ.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍ය ජී. එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, බුද්ධශාසන අමාත්‍යංශ අධ්‍යක්ෂ චම්පිකා කනේරු, තැපැල්පති රංජිත් ආරියරත්න, නියොජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More