ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවෙ කෙතරම් සංදර්ශන දැමුවද ඔවුන් විශ්‍රාම ගිය හමුදා නිලධාරින් ගේ පඹයන් බවට පත් වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ඊයේ (24) උදාසැන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස නවීන් දිසානායක වැඩ බාර ගැනීමේ උත්සවය අමතමින් අගමැතිවරයා මේ බව පවසා සිටියේය.
“ඊලඟ නායක පරම්පරාව තමයි මෙතනින් ඉදිරිපත් වෙලා තියෙන්නේ. නායකත්වය බාර ගන්න අය මේ අය අතරත් අලුතෙන් එන අය අතරෙත් ඉන්නවා. රට වටේම ගිහිල්ලා කියන්න. මෙන්න අලුත් කණ්ඩායමක් ඉන්නවා නායකත්වය බාර ගන්න අලුත් පරපුරක් ඉන්නවා. මෙහෙමයි අපි රට හදන්නේ මේවායි ප්‍රතිපත්ති කියලා. කිසිම බයක් තියාගන්න එපා. මෙකද වෙන එක පක්ෂයකටවත් ඒක නෑ. අද පොහොට්ටුවට මොකද වෙලා තියෙන්නේ. පොහොට්ටුවේ අලුත් මුහුණු මොනවාද විශ්‍රාම ගිය හමුදා නිලධාරින්. ආපහු රෙජිමයක් ඇති කරන්නයි බලන්නේ. පෝස්ටරයක් පෙන්වන්න එක මන්ත්‍රිවරයෙකුගේ මුහුණක් එක්ක. හොඳ වුනත් නරක වුනත් ඉන්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරින්. එදා රාජපක්ෂ රෙජිමය ඇති කරන්න ගිය අය. පාර්ලිමේන්තුවේ කොච්චර කෑගහුවත් ඒ අය අර විශ්‍රාම ගිය හමුදා නිලධාරින්ගේ පඹයෝ එයාලා. දෙවන පෙළ නියෝජිතයෝ තමයි ඒ අය. ඉතින් වැඩක් නෑ. අගමැතිවරයා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...