දේශීය පුවත්

සේරුවිල මංගල රජමහා විහාරාධිපති හා දොම්පෙ පාළුගම භාවනා අසපුවේ ප‍්‍රධාන අනුශාසක නැෙඟනහිර තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක කථිකාචාර්ය පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමිපාණෝ ඉන්දියාවේදී කොවිඞ් ආසාදිතව අපවත් වී වදාළහ.

අපවත් වනවිට 62 වැනි වියේ පසු වූ මෙත්තාරාම නාහිමියෝ ශල්‍යකර්මයක් සඳහා ඉන්දියාවට වැඩම කර සිටියහ.

සේරුවිල මංගල රජමහා විහාරාධිපතිව වැඩ විසූ සේරුවිල සරණකිත්ති නාහිමිපාණන් අපවත් වීමෙන් පසු උන්වහන්සේ එහි විහාරාධිපති පදවියට පත්වූහ.

සේරුවිල කේන්ද්‍රකොට නැෙඟනහිර බෞද්ධ උරුමයන් ආරක්ෂාකර දීමට මෙත්තාරාම නාහිමියෝ වහන්සේ කැපවූහ.

ශල්‍යකර්මය සිදුකිරීමට පෙර උන්වහන්සේ මෙලෙස කොවිඞ් ආසාදනයට ලක්ව අපවත්වී ඇති බව වාර්තා වී තිබේ.

පවතින අනාරක්ෂිත තත්ත්වය හමුවේ උන්වහන්සේගේ ශී‍්‍ර‍්‍ර දේහය ලංකාවට රැුගෙන ඒමක් සිදු නොකර එරට දීම ආදාහනය සිදුකිරීමට බොහෝදුරට ඉඩ ඇති බව විහාරස්ථ ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More