දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුළ පැතිරී යන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ආර්. ප්‍රතාපන් මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ මුලින් පැවති වෛරස ප්‍රභේදයට සාපේක්ෂව දැන් පැතිරයන වෛරස ප්‍රභේදය ගැබිනි කාන්තාවන්ට ඉතාම හානිදායක බවයි. එසේම ඔහු වැඩිදුරටත් අවධාරණය කරණු ලැබුවේ,ගැබිනි මව්වරුන්ට සෙසු ආසාදිතයින්ට ලබාදෙන ඖෂධ සියල්ල ලබා දිය නොහැකි තත්ත්වයක් පවතින බවයි,“ගැබිනියකට කොවිඩ් -19 හැදුණම එන ප්‍රශ්නය තමයි අපිට හැම බෙහෙතක්ම දෙන්න බෑ. බැරි දේවලුත් සමහර වෙලාවට කරන්න සිද්ධවෙලා තියෙනවා. එක්ස් රේ එහෙම බොහොම අඩුවෙන් කරන්නේ. දැන් ඒවත් කරන්න සිද්ධවෙලා තියෙනවා. මේක හැදුනහම ඉක්මනින් අමාරුවෙනවා. දැඩි සත්කාර ඒකකයට දාන්න වෙනවා. ඒ නිසා ගැබිනියන් ඉතාම පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න එක තමයි හොඳම දේ.”

මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය පී. ඩී කොග්ගලගේ මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, කොවිඩ් වැත් දරුවන්ගේ බහු ඉන්ද්‍රීයන් අකර්මණ්‍යතාවයකට පත්වන බවත් මෙවැනි තත්ත්වයකට හේතුව කුමක්දැයි මෙතෙක් තහවරු කර ගෙන නොමැති අතර එවැනි දරුවන් මරණාසන්න විය හැකි බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More