දේශීය පුවත්

“දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ” සමාජිකයන් සමග පෙරේදා (11) පැවති සාකච්ඡාවකදී නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීමට නම් කාබනික පොහොර භාවිතයට යොමු වීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,“කාබනික පොහොර භාවිතය්ට හුරු වීමේදී විවිධ දේවල් කියනවා, අස්වැන්න අඩුවෙයි, විශාල පාඩුවක් වෙයි, ගොවියගේ ආදායම අඩුවෙයි වගි කාරණා ඒ අතර තිබෙනවා. නමුත් බොහෝ අයගේ මතය එහෙම වෙන්නේ නෑ මේක අපිට කරන්න පුළුවන් කියලා කියන පිරිසකුත් ඉන්නවා. අපේ රටේ කුඹුරු විශාල ප්‍රමාණයක් පුරන් වෙලා තියෙනවා . අපිට පුළුවන් ඒ කුඹුරු වගා කළොත් ඔය කියන කාලය තුළ ඇති වෙන්න පුළුවන් අඩුව පිරිමහ ගන්න. ගිය කන්නයේ ඊට කලින් ගොවීන් ලබාගත්ත ආදායම අපි දන්නවා. යම් අයුරකින් ඒ අයගේ ආදායමෙන් වෙනසක් වුණොත් අපි ඒ අය නිෂ්පාදනය කරපු වී වැඩි මිලට ගන්න පුළුවන්. ඒ අයට ගිය වර ආදායම ම ලැබෙන විදියට. අපි සහතික මිලක් දීලා තියෙනවා රු 50 කියලා. අපිට ඒක රු 60ට ගන්න පුළුවන්. ඒ රු 10 අපි දරාගන්නවා. ඒ නිසා ගොවියට කිසිම බයක් වෙන්න දෙයක් නෑ ඒ ගැන. අපේ රටේ විශාල කොටසක් ඉන්නවා කාබනික පොහොර භාවිතයෙන් වගා කරන. කාබනික පොහොර නිෂ්පාදනය කරන. පුළුවන් නම් මේ පොහොර නිෂ්පාදනය වැඩි කරන්න අපි ආධාර දෙන්න ඕන. දැනට රසායනික පොහොර ගෙන්වන සමාගම්වලට වුණත් පුළුවන් අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනයට කර්මාන්ත ආරම්භ කරන්න. ඉතාම වැදගත් අභියෝගාත්මක කාර්යයක්. නමුත් එය රට වෙනුවෙනුත් අනාගත පරපුර වෙනුවෙනුත් කරන්න අවශ්‍යයි.” යනුවෙන් පවසා සිටියේය.



One thought on “නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීමට නම් කාබනික පොහොර භාවිතයට යොමු වීම අත්‍යයවශ්‍යයි-ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ”

  1. ඒ කියන දේශීය බෙහෙත් පහසුවෙන් කළ හැකි double-blind test නිරීක්‍ෂණයට භාජන කර සාර්ථකද නැද්ද කියා නිගමනය කර ඒ බව රටට දැන්වීම රජයේ වගකීම වේ. ඡනාධිපතිතුමා වෙදතුමා නොවෙයි නේ?
    https://www.infobloom.com/what-is-a-double-blind-test.htm

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More