දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද උදැසන ඇමරිකාව බලා පිටත්වගොස් ඇත.
ජනාධිපතිවරයා විසින් කොරෝනා මර්ධන මෙහෙයුමේ මුලිකම වගකීම පවරා ඇති බැසිල් රාජපක්ෂ මෙසේ හිටි හැටියේ විදෙස් ගතවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහුගේ සමීපතමයකු පැවසුයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා බැසිල් රාජපක්ෂ ඇමරිකාවට ගිය බවයි.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති අතර ඊට සහභාගී සිටි කිසිවකුට හෝ තමා විදේශගතවන බවක් බැසිල් රාජපක්ෂ විසින් දැනුම් දී නොමැතිවීම විශේෂ කාරණයකි.

එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහ ලේකම් සාගර කාරියවසම්, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න, එක්සත් මහජන පක්ෂයේ ලේකම් ටිරාන් අලස්, ජාතික කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ඒ.එල්.එම් අතාවුල්ලාහ්, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රීක් නායකයන්වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, සී.බී රත්නායක, එස්.එම් චන්ද්‍රසේන, ප්‍රසන්න රණතුංග, රොෂාන් රණසිංහ යන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියහ.

අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ දේශ විමුක්ති ජනතා පක්ෂයේ උප සභාපති ගලගම ධම්මරංසි හිමි මෙම හමුවට වැඩම කළහ. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා සහබාගි නොවිය.
theleader.lk



One thought on “හදිසියේම බැසිල් ඇමරිකා යයි”

  1. රට වහන්න තිබුණ වෙලාවෙ රට වැහුවෙ නැහැ මුන්නැහැගේ ගජ මිතුරු දෙකයි පනහේ වෙළෙඳන්ගේ කීමට. 30,000ක් මැරෙනෙවා කිව්ව ගමන් ලොක්ක පැන්න තමන්ගේ මව් රටට. බැරි වෙලාවත් මල්ලි කොරෝනාව මර්ධනය කළොත් මගේ උපක්‍රම වලට අනුව තමයි කියල දෙනව ලොකු කයියක්. හැබැයි කෙළ වුනොත් මම හිටපු නැති නිසා තමයි කියල කියනවා…. කොහොමද ටිකිරි මොළේ

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More