දේශීය පුවත්

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තතයේ ප්‍රාන්ත ආණ්ඩුවට 2019 අප්‍රේල් මාසයේදී පෞද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබූ 104 වන පනත හෙවත් දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය නම් වූ පනත 2021 මැයි මස 06 වන දින සම්මත කරන්නට ඉඩ දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්වරයාව විදේශ අමාත්‍යාංශයට කැඳවා විදේශ අමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ්‍රී ලංකාවේ නොසතුට ප්‍රකාශ කිරීමට ඊයේ (10) දින කටයුතු කර ඇති බව වාර්තාවේ.

එහිදී අමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනසංහාරයක් සිදුව ඇති බවට සොයා ගනීමක් නැතිය යන කැනඩා රාජ්‍යයේ නිළ පිළිගැනීමට සම්පූර්ණයෙන්ම මෙම පනත පටහැනි බවයි.

එහිදී අමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ කැනඩා තානාපතිවරයාට පවසා ඇත්තේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ උප ආණ්ඩුකාරවරිය විසින් අදාල පනතට ලබා දුන් අනුමැතිය අත් හිටුවීමට කැනඩාවේ මධ්‍යයම රජය මැදිහත් විය යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More