දේශීය පුවත්

පවතින කොවිඩ් තත්වය යටතේ මෙම වසරේ සැප්තැම්බර් මස වන සිට කොවිඩ් මරණ 20000සීමාව ඉක්මවා යන  බව ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක් වන වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සමීක්ෂණ ආයතනයක් විසින් ප්‍රකාශ කර ඇත.මෙම හෙළිදරව්වේ සත්‍යතාව සොයා බැලීම සඳහා වෛද්‍ය නිලධාරි සංගමය විසින් එම සුද්දට ලිපියක් යොමු කර ඇතැයි රාජ්‍ය වෛද්‍ය නිලධාරි සංගමයේ සහකාර ලේකම්  නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කර සිටියේය.

වොෂින්ටන් විශ්වවිද්‍යාලය මගින්  ප්‍රකාශ කර තිබෙන මෙම පුවතේ  සත්‍ය අසත්‍යතාව හෝ එය කුමන තොරතුරක් මත පදනම්ව කළ  හෙළිදරව්වක් ද යන්න පිළිබඳව මෙම ලිපිය යොමුකරමින්  එම විශ්ව විද්‍යාලයෙන් අසා සිටි බව නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් එහිදී ආසාදිතයන් නිවෙස්වල තබා ගනිමින් ප්‍රතිකාර ලබාදෙන අතරතුර ම අවශ්‍ය හදිසි රෝගීන් වහාම රෝහල් කරා ගෙනයාමේ පහසුකම් පිළිබඳවත් pcr වාර්තා නිශ්චිතව ලබා ගනිමින් නිවැරදි තීරණ ගැනීමට වසංගත රෝග විද්‍යා අංශය ගතයුතු පියවර පිළිබඳවත් එන්නත් කරනයේදී යුද හමුදාවේ සහාය ලබා ගැනීමටත් එය පූර්ණ වෛද්‍ය යටතේ සිදුකිරීමට සිදු කිරීමට එම සාකච්ඡාවලදී එකඟ වූ බව ඒ මහතා සඳහන් කර සිටියේය.තව ද ඒ මහතා පවසා සිටියේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලය පුරෝකථනයේ සත්‍ය අසත්‍ය භාවය තහවුරු කොට ගෙන ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More