කොරෝනා පාලන රාජ්‍ය ඇමති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කරන්නේ කොරෝනා ආසාදිත වුවද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් ඔවුන්ගේ නිවෙස් වලම රඳවා ප්‍රතිකාර කිරීමේ විශේෂ ක්‍රමයක් සම්බන්ධයෙන් රජය කටයුතු කරමින් සිටින බවයි.
ඒ සදහා අවශ්‍ය සෞඛ්‍ය උපදේශන මාලාව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් කඩිනමින් නිකුත් කිරීමට නියමිත බවත් ආසාදිතයා නිවස තුළම රඳවා ප්‍රතිකාර කිරීමේදී එම නිවසේ අනෙක් අයට කිසිදු ආකාරයකට ආසාදනය නොවන ආකාරයට නිවසේ කොටසක හුදෙකලා කිරීමට මෙහිදී උපදෙස් ලබා දෙන බව ඇමතිවරිය පවසා සිටියාය.
මෙම පියවර ගැනීමට හේතුවූයේ කොරෝනා රෝගීන් වේගයෙන් ඉහල යාම හේතුවෙන් රෝහල් වල ඇඳන් ධාරිතාව අවසන් වන නිසා බව පවසන අමාත්‍යයවරිය රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයන් රෝහල්ගත කිරීමට ප්‍රමුඛතාව දීමට කටයුතු කරන බවද පැවසුවාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...