පසුගියදා පැවති පාර්ලිමේන්තු විවාදය තුළ දී ඇමති චන්න ජයසුමන විපක්ෂයට ප්‍රබල පහරක් එල්ල කරන ලදී එහි දී පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ලංකාවට ආනයනය කළ බාල බෙහෙත් පිළිබඳ අනාවරණයක් සිදු වූ අතර එවකට යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය ව සිටි රාජිත සේනාරත්න මහතාට ප්‍රබල චෝදනාවක් ඇමති චන්න ජයසුමනගෙන් එල්ලවිය. එහිදී ලාභ බෙහෙත් ආනයනය කරමින් සිදුකළ මුදල් වංචාවක් පිළිබඳව විවාදය අතරතුර දී අනාවරණය විය.
මෙහිදී විපක්ෂය විසින් එන්නත්කරණය පිළිබඳව නැගූ ප්‍රශ්නයට ඇමති චන්න ජයසුමන මහතා පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේ එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමේ කාලය තීරණය කරනු ලැබුවේ දේශපාලන තීන්දුවක් මත නොව සෞඛ්‍ය නිලධාරීන්ගේ තීරණය මත බවයි.
මෙම විවාදය අතරතුර දී චන්න ජයසුමන මහතා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් (sputnik)කොවිඩ් මර්දන එන්නත පිළිබඳව සඳහනක් තැබූ අතර මෙම වසර තුළ එන්නත් මාත්‍රා ලක්ෂ 130ක් මෙරටට ලැබෙන බවද ප්‍රකාශ කර සිටියේය.
කොවිඩ් අරමුදල පිළිබඳව පිළීබඳව විපක්ෂය නැගූ චෝදනාව ට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ කොවිඩ් අරමුදලට රුපියල් මිලියන 1700 ක මුදලක් හිමිවී ඇති අතර එම අරමුදල තුළින් pcr පරීක්ෂණ වලට, සෞඛ්‍ය අධ්‍යාපනයට, ආසාදිතයින් ප්‍රවාහනයට සහ ගිලන් රථ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් මෙම අරමුදලෙන් ලබාගත් බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටි අතර අප්‍රේල් මස 30 වනදා වන විට රුපියල් මිලියන 1368 ක මුදලක් එම අරමුදල තුල ඉතිරිවී ඇති බවද සඳහන් කර සිටියේය.
මෙම විවාදය අතරතුර දී අමාත්‍යවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රබල චෝදනාවක් එල්ල කළ අතර එහිදී covid 19 නීතිරීති උල්ලංඝනය කරමින් එම මහතාගේ බිරිඳ විසින් පැවැත්වූ උපන්දින සාදයක් පිළිබඳවද මෙම විවාදය අතුරුතුරදී අනාවරණය විය.
විවාදය අවසන් කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ විපක්ෂය විසින් එල්ල කළ චෝදනා සියල්ලම ඵලරහිත බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...