දේශීය පුවත්

ඊයේ(10) දින අග්‍රාමාත්‍යය කාර්යාලයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ මුස්ලිම් මන්ත්‍රීවරු හත් දෙනෙකු එතුමාගෙන්  පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන කොමිසම මගින් අත් අඩංගුවට ගැනීමට නිර්දේශ කළ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ නායක හජ්ජුල් ඉක්බාල් නැමැත්තා නිදහස් කරන ලෙස ඉල්ලා ඇති බව වාර්තාවේ. මේ වන විට හජ්ජුල් ඉක්බාල් නැමැත්තා පොලිස් අත් අඩංගුවේ සිටින අතර අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11ක් තහනම් කිරීමටද කටයුතු කර ඇත.

කෙසේ වුවද ඉස්ලාම් සංවිධාන තහනම් කිරීම තමන්ට ප්‍රශ්නයක් බව එම මන්ත්‍රීවරු හත් දෙනා අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවසූ බවද වාර්තා වේ.

හජ්ජුල් ඉක්බාල් නැමැත්තා ඉස්ලාම් අන්තවාදය ඉගැන්වූ බවට පාස්කු කොමිසම් වාර්තාව මගින් බරපතල චෝදනා එල්ල කර තිබුණි.

කෙසේ වුවද එම මුස්ලිම් මන්ත්‍රීවරු හත් දෙනාගේ ඉල්ලීමට අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවක් වාර්තා වන්නේ නැත.

එම මන්ත්‍රීවරුන් පිරිස රාවුෆ් හකීම් මහතාගේ මුස්ලිම් කොංග්‍රසයේ සහ රිෂාඩ් බදුර්දීන් මහතාගේ මක්කල් කොංග්‍රසයේ සාමාජිකයන් වන අතර අදාළ රැස්වීමට සහභාගි නොවීමට රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා කටයුතු කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More