දේශීය පුවත්

ඉන්දීය ධීවරයන් සියයකට අධික පිරිසක් රැුගත් යාත‍්‍රා විස්සක් පමණ 5 වැනිදා රාත‍්‍රී යාපනයේ කච්චතිව් දූපත ආසන්නයට පැමිණි නමුත් ශී‍්‍ර ලංකා නාවික හමුදාව ඔවුන් අත්අඩංගුවට ගැනීමට පෙර ඒ අය පලා ගිය බව යාපනය ධීවර සංගමයේ නියෝජිතයෝ කියා සිටියහ.

නාවික හමුදා නිලධාරීන් මීට දින දෙකකට පමණ ඉහත දී ඉන්දීය යාත‍්‍රා 11කින් පමණ පැමිණි ඉන්දීය ධීවරයන් 80 දෙනකු පමණ උතුරු මුහුදු සීමාවට පැමිණීමෙන් පසුව ඔවුන් ආපසු හරවා යවනු ලැබූවත් ඉන්දීය ධීවරයන්ගේ පැමිණීමේ අඩුවක් තවමත් දක්නට නොලැබෙන බව යාපනයේ ධීවර සමිති නියෝජිතයෝ පැවසූහ.

ඉන්දීය ධීවරයන් සමග එක්ව උතුරේ ධීවරයන් විවිධ අන්දමේ ජාවාරම් කරගෙන යන බවට මේ දිනවල දැඩි චෝදනාවක් එල්ල වූවත් කොරෝනා උවදුර ආරම්භයත් සමගම උතුරේ ධීවරයන් එවැනි ජාවාරම්වලට සහභාගි නොවන බව ද යාපනයේ ධීවර සංගම් නියෝජිතයෝ කියා සිටියහ.(දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More