පුරවැසි කොලම

කොරෝනා වසංගතයෙන් බැටකන ජනතාවට විසඳුම් දීමටවත් ධනවාදයට නොහැකි වී ඇතැයි ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ‘දිවයිනට’ ඊයේ (7දා* පැවසීය.

එහිදී වැඩිදුරටත් කතා කළ නාගමුව මහතා මෙසේ ද කීවේය. කොරෝනා අස්සෙ දිය යටින් දැවැන්ත ගින්දරක් යමින් තිබෙනවා. ඒ තමයි ආර්ථික අර්බුදය, 2019 ලෝකයේ සමස්ත නිෂ්පාදනය ඩොලර් ටි‍්‍රලියන 84 ක්. ඒ කියන්නේ බිලියන 84000ක්. ලෝකේ සමස්ත ණය ප‍්‍රමාණය ඩොලර් ටි‍්‍රලියන 253ක්, හරියටම තුන් ගුණයක්. මේක කරගහන්න වෙන්නේ එදිනෙදා ජීවිතයේ ප‍්‍රශ්නවලින් බැට කන, මාසෙ පඩියෙන්වත් ජීවත් වෙන්න බැරි, වැඩකරන ජනතාවට.

තමන් ගත්ත ණය ගෙවන්නත් වැඩ කරන්න වෙද්දී රජය ගත්ත ණය බදු විදිහට ගෙවන්නත් ජනතාවට සිදු වෙනවා. මොකද මේ ණය ප‍්‍රමාණය සාමාන්‍ය වැඩ කරලා උපයන ප‍්‍රමාණය වගේ තුන් ගුණයක්.

මේ වන විට 2020 සිට හතර වැනි ආර්ථික අර්බුදය වර්ධනය වෙමින් පවතිනවා.

මේ ලෝකය මුහුණ දෙන ආර්ථික අර්බුදය තුළ අපි රටක් වශයෙන් ගිලී යමින් සිටිනවා. දැන් පාලකයන් මේ අර්බුදය විසඳන්න යන්නෙ සල්ලි අච්චු ගහලා. මේ වන විට පාලකයන් අච්චු ගහපු මුදල් ප‍්‍රමාණය කොච්චරද කිව්වොත් පසුගිය වසරේ වැටුප් ගෙවීමේ මුදලින් භාගයක් අච්චු ගහපු සල්ලි. මේක මහා ඛේදවාචකයක්.

අපි ඉතා ඉක්මනින්ම මේ රටේ පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ සේවක වැටුප රුපියල් 15000කින් වැඩි කරන්න කියා රජයට බලකරනවා. ඒ වෙනුවෙන් වැඩ කරන ජනතාව පෙළ ගස්වනවා.

රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවකයන් අතර මෑන් පවර්, තාවකාලික, කොන්ත‍්‍රාත්, අභ්‍යාසලාභී වගේ විවිධ ආකාරයෙන් සූරාකෑමට ලක්වන සියලූ දෙනාගේ සේවය ස්ථිර කළ යුතුයි.

දැන් මේ රටේ ගොවි ජනතාව සමාගම්වලට බිලිදීලා. ඔවුන්ට අවශ්‍ය බීජ, කෘමිනාශක, පලිබෝධනාශක, පොහොර මේ සියල්ල සමාගම් විසින් ලාභය පිණිස අත්පත් කරගෙන තිබෙනවා. දැන් ආණ්ඩුව කරන්නෙ පොහොර, කෘමිනාශක ආනයනය නවත්වලා ඩොලර් වියදම් කරන එක නවතා දමන වැඩක්. කාබනික පොහොර ගොවිතැනට පමණක් අද තියෙන ආහාර නිෂ්පාදන අවශ්‍යතා සපුරන්න හැකියාවක් නෑ. ඒ නිසා ගොවි ජනතාව වෙනුවෙන් බොරු කරන්නෙ නැතිව ඇත්ත ප‍්‍රශ්නය අපි විවෘතව සාකච්ඡුාවට ගන්න ඕනෑ. සමාගම් පන්නන ගොවිතැන රැුකගන්න ගොවි අරගලයකට අපි ගොවි ජනතාව සංවිධානය කළ යුතුයි.

ඩෙංගුවලින් මියයන රෝගීන් ගැන විසඳුම් දෙන්න ධනවාදයට බෑ. වසංගතවලින් මියයන ජනතාවට පිහිට වෙන්න හැකියාවක් ධනවාදයට නැති බව අද වන විට සනාථ වෙලා. ඒ් විතරක්ද? සියදිවි නසාගැනීම්වලින් 31 වැනි තැන ලංකාව. රිය අනතුරුවලින් දිනක 7 – 8 ක් මියයන කාලයක්. තවදුරත් ලාභය හඹා යන මේ ක‍්‍රමයට ජනතා ප‍්‍රශ්න විසඳන්න බෑ. සමාජ යහපත ඉලක්ක කරගත් සමාජවාදයයි විසඳුම. ඒ සමාජවාදය කරා යන්න පෙළ ගැසෙන්න කියා අපි රටේ සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.(අනුරාධ හිරිපිටිය)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More