පුරවැසි කොලම

බස්නාහිර පළාත තුළ නීති විරෝධී ආකාරයෙන් නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය විනෝදාස්වාදය සපයන ආයතන 285 ක් වැටලූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 75 කි. පොලිසිය වැටලූ ආයතන අතර සමාජ ශාලා 47 ක්, ඔට්ටු මධ්‍යස්ථාන 105 ක් හා සම්බාහන මධ්‍යස්ථාන 133 ක් වෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පසුගිය මැයි 1 වැනිදා, කොරෝනා රෝගය වළක්වා ගැනීමේදී ආයතන පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ නව නිර්ණායක හඳුන්වා දෙනු ලැබීය. අප ඉහතින් සඳහන් කළ ආයතන මෙම නිර්ණායක නොතකමින් කටයුතු කර ඇත.

මේ අතර නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ අහංගම මත්පැන් සාදයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්යාංශය මගින් වටලා තිබිණි. රජය විසින් සාද පැවැත්වීම තහනම් කර තිබියදී මෙලෙස පවත්වා ඇති සාදයට නව යොවුන් වියේ නාම්බන් හා නෑම්බියන් පිරිසක් සහභාගි වී ඇත. මෙම සාදය සඳහා විදේශිකයන් පිරිසක් ද සහභාගි වී ඇති බව වාර්තා වෙයි.

මේ මොහොත ඉතාමත් තීරණාත්මක ය. මේ වනවිට දිනකට 2000 කට ආසන්න කොරෝනා ආසාදිතයන් දිවයිනේ විවිධ පළාත්වලින් වාර්තා වන තත්ත්වයක් උදා වී ඇත. ඊට සාපේක්‍ෂව කොරෝනා මරණ ද දිනෙන් දින වැඩිවන ස්වභාවයක් ගෙන ඇත. පසුගිය පැය 24 ඇතුළත 25 කට අධික පිරිසක් කොරෝනාවට බිලි වී ඇත. මෙම තත්ත්වය හමුවේ වගකීමෙන් කටයුතු කිරීම පුරවැසි යුතුකමකි. නටමින්, ගයමින්, කමින් බොමින් සාද පවත්වමින් විනෝදවීමට මෙය කාලය නොවන බව අප කවුරුත් තේරුම් ගත යුතුය.

මිනිසා සතුන්ගෙන් වෙන් වන්නේ චර්යාවේ ඇති පැහැදිලි වෙනස්කම නිසාය. මිනිසාට යමක් ගැන සිතීමට පුළුවන. ඒ අනුව හොඳ නරක දෙක තෝරා බේරා ගැනීමට මෙන්ම ඒ අනුව ක‍්‍රියාකිරීමේ හැකියාව ද මිනිසා සතු වී ඇති සුවිශේෂී ලක්‍ෂණයකි. එහෙත් සමහරෙක් මිනිස් ආත්මයක් ලැබුවද හැසිරෙනුයේ තිරිසනුන් සේ ය. මුළු රටම විපතකට මුහුණ දී ඇති අවස්ථාවක සාද පවත්වමින් පිස්සු කෙළිනුයේද තිරිසනුන් මිස මිනිසුන් නොවන බව අපේ හැඟීමය.

කොවිඞ් වසංගත රෝග විiා අංශයේ ප‍්‍රධානි විශේෂඥ වෛi සුදත් සමරවීර මහතා ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය ඉතා බරපතළ මට්ටමක පවතින බවයි. දිනකට රෝගීන් දෙදහසකට ආසන්න ප‍්‍රමාණයක් හමුවීම මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි බැව් හෙතෙම කියා සිටී. පෙරේදා වනවිට රජයේ අවසරය මත කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරනු ලබන සියලූම පෞද්ගලික රෝහල්වල ඇඳන් සහ රෝගීන් රඳවනු ලබන හෝටල් කාමර සියල්ල ද පිරී තිබිණි. මෙම තත්ත්වය හමුවේ අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිරිකිරීමට රජයට සිදුව ඇත. කොයිතරම් බාධක දුෂ්කරතා තිබුණ ද රටක් ලෙස අපේ සෞඛ්‍ය හා අනෙකුත් සේවා අංශ කරන කැපවීම අගය කළ යුතුය. කොරෝනා තත්ත්වය මැඬලීමට එම කැපවීම ප‍්‍රමාණවත් නොවන අතර පුරවැසියන් තම වගකීම ද නිසි ලෙස ඉටුකළ යුතුය. කොරෝනා තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් සිදුවන විපත ගැන අවබෝධ කර ගැනීමට ඉන්දියාවේ මේ වනවිට සිදුව ඇති ඛේදවාචකය කියවා ගැනීම වුවද ප‍්‍රමාණවත් ය. එනිසා මේ මොහොතේදී නටමින්, ගයමින්, විනෝදවෙමින් වගකීම් විරහිතව කටයුතු කරන්නේ නම් ඔවුන් කරනුයේ තමන්ට ද වළ කපා ගනිමින් රට ද අමාරුවේ දැමීමකි. එවැනි පහත් තත්ත්වයට ඇදනොවැටී සැබෑ මානවවාදීන් ලෙස කටයුතු කරන්නැයි අපි මහත් ඕනැකමින් මේ රටේ සියලූ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.(දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More