කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ලිපියක් යොමු කරමින් කොරෝනා ආසාදනයෙන් මිය යන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අනුමත කළ දේශීය සහ පාරම්පරික ඖෂධ ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ල සිටී. විශේෂඥ වෛද්‍යයවරයා සිය ලිපිය මගින් ජනාධිපති තුමාගේ අවධානය ශීඝ්‍රයෙන් වැඩිවන කොරෝනා ආසාදිතයින් රෝගීන්ගේ සංඛ්‍යාවත්, දිනපතා මිය යන සංඛ්‍යාවත්, දැඩි සත්කාර සේවාවන් අවශ්‍ය වන රෝගීන් සංඛ්‍යාවත් නිසා අප රට සෞඛ්‍ය පද්ධතිය මේ වන විට ඉතාම තීරණාත්මක අවධියකට එළඹ තිබෙන බවට ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත කරුණු පෙන්වා දී තිබේ.
මෙවැනි තීරණාත්මක අර්බූදකාරී අවස්ථාවක අප රටේ දීර්ඝ ඉතිහාසයක් තිස්සේ පවතින පාරම්පරික සහ දේශීය වෛද්‍ය සත්කාර සේවාව ද රෝගී ජීවිත ආරක්ෂා කිරීම ට යොදා ගන්නා ලෙස ඉල්ලා විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.
එහිදි විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මුල් පියවර ලෙස ඉල්ලා සිටින්නේ මේ වන විට ආයුර්වේද සූත්‍ර කමිටුව මගින් අනුමත කල ප්‍රතිකාර 10 ක් ඇති බවත් රජයේ රෝහල් වල දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ඒවා ලබාදීමට කටයුතු කරන ලෙසයි.
දෙවැනි පියවර ලෙස විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යෝජනා කරන්නේ මේ වන විට රජයේ රෝහල්වලට ඇතුළත් ව ඇති අනිකුත් සියලුම කොරෝනා රෝගීන් සදහා ද නිසි ක්‍රමවේදයකට අනුව බටහිර රෝගී සත්කාර සේවාවට අනුබද්ධ කර දේශීය, පාරම්පරික ඖෂධ ලබාදීමටද කටයුතු කරණ ලෙසයි.
එහිදී විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට කොරෝනා ආසාදනය සාර්ථකව මර්දනය කර ඇති චීනය ඇතුළු ඇතැම් ආසියාතික රටවල් තම පාරම්පරික දේශීය ප්‍රතිකාර ක්‍රම , බටහිර වෛද්‍ය ක්‍රමය සමඟ අනුගත කර උපරිම ප්‍රතිඵල ලබා ගෙන ඇති බවයි .
මහා බ්‍රිතාන්‍යය , ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් ද විකල්ප වෛද්‍ය ක්‍රම වෙනුවෙන් වෛද්‍ය සභාවන් ( Ayurvedic Medical Council ) පිහිටුවා මෙම වෛද්‍ය ක්‍රමයන් පිළිගෙන ඇති බවද වෛද්‍යයවරයා ලිපිය මගින් අවධාරණය කර සිටින අතර ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO ) පවා , ඒ ඒ රටවල පවත්නා පාරම්පරික වෛද්‍යය සේවාවන් , බටහිර වෛද්‍ය ක්‍රමය සමඟ අනුගත කරන ආකාරය පිළිබඳව මාර්ගෝපදේශක සංග්‍රහයක් ප්‍රකාශයට පත් කර තිබෙන බවද පෙන්වා දේ.
අවසාන වශයෙන් සිය ලිපිය මගින් විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අවධාරණය කර පවසා සිටිනේ අපගේ උරුමයක් වූ හෙල වෙදකම සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ,රෝගී ජීවිත සුරක්ෂිත කිරීමටත් මෙම අර්බුදයෙන් අප රට ගොඩ ගැනීමටත් භාවිතා කළ යුතු අවස්ථාව එළඹ ඇති බවත් , එම අවස්ථාව ගිලිහී යෑමට කටයුතු නොකරන ලෙසත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...