දේශීය පුවත්

වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදය ඇතුළු වූයේ මෑත කාලයේදී සංචාරක බුබුළු යැයි කියමින් මෙරටට ගෙන්වූ යුක්‍රේන හා වෙනත් රටවල සංචාරකයින් හරහා බව පැහැදිලිව ඇති බවයි.

එය එසේ නොපිළිගන්නේ නම් නම් මෙම ප්‍රභේදය රටට ඇතුළු වූයේ කෙසේ දැයි රජය විසින් හෙළි කළ යුතු බවද රවි කුමුදේශ් මහතා අවධාරණය කර සිටී.

වෙළඳ දැන්වීම්ද දමා “ඉන්දියානුවන්ට මෙරට නිරෝධායනය වෙන්නැයි” ආරාධනා කොට ගෙන්වාගත් බවත් කොතරම් විරුද්ධව ඒ සම්බන්ධව කරුණු කියා සිටියද බලධාරීන් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් නොවූ බවත් පවසන රවී කුමුදේශ් මහතා එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු ප්‍රභේදය ද ලංකාවෙන් වාර්තා වන බවද අවධාරණය කළේය.

දැනට ලෝකයේ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ප්‍රභේද හතර අතරින් ශ්‍රී ලංකාව තුළ ප්‍රභේද තුනක්ම දැනටමත් හඳුනාගෙන තිබෙන බවත් ඉතිරිව ඇත්තේ බ‍්‍රසීල ප්‍රභේදය සොයා ගැනීමට පමණක් බවත් ඔහු තව දුරටත් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More