දේශීය පුවත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ඊයේ (09) පැවති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් පවසා සිටියේ කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නත්කරණය යළි යාවත්කාලීන වී තිබෙන බවත් දැනට ලංකාවේ භාවිතා වන සියලු එන්නත් හොඳ මට්ටමේ ඒවා බවත්ය.

මෙවර ශ්‍රී ලංකාවේ පැතිරීයන කොවිඩ්19 වෛරස ප්‍රභේදය පැතිර යාමේ සීඝ්‍රතාවය වැඩි හෙයින් නිසි ලෙස මුව ආවරණය පැලඳිය යුතු බවත් යම් කෙනෙකුට බෝ වී ඇති විටෙක රෝග ලක්ෂණ මතුවීමට දින 05ක් පමණ ගත වන හෙයින් එම කාලය තුළත් රෝගය අන් අයට බෝ විය හැකි නිසාම සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත් බව වෛද්‍යයවරයා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, ”මෙම වෛරසය බරපතළ ලෙස පෙනහළුවලට හානි කරනවා. අනෙක් දේ තමයි නිව්මෝනියා තත්ත්වය. සාමාන්‍ය නිව්මෝනියාවට වඩා මෙය බරපතළයි. රුධිරය කැටිගැසීමක් එක්ක මේ නිව්මෝනියා තත්ත්වය එන්න පුළුවන්. එවිට වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීම හරිම අපහසුයි.එවිට ඔක්සිජන් අවශ්‍යතාව මෙන්ම දැඩි සත්කාර අවශ්‍යතාවය මතු වෙනවා. මේ නිසා හැම පුරවැසියෙක්ම මේ තත්ත්වය තේරුම් ගන්න අවශ්‍යයි. මෙය සුළුවට තකන්න එපා. මෙය පළමු රැල්ල නොවෙයි.” යනුවෙන් වෛද්‍ය කොළඹගේ මහතා  අවධාරණය කළේය.

එහිදී ඒ මහතා අණාවරනය කරණු ලැබුවේ දැනට තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු සංගම් විසින් ඒකාබද්ධ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාරදුන් බවය.

මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා පවසා සිටියේ “සංචරණ සීමා පැනවීමේ වැදගත්කම එම ලිපිය මගින් පෙන්වාදී තිබෙනවා. එය ජනගනත්වය සහ විද්‍යාත්මක පදනමක් මත සිදුවිය යුතු ආකාරය අපි දැනුවත් කළා.රට බරපතළ තත්ත්වයක තියෙන්නේ. මෙය ඉතා වටිනා හෝරා කිහිපයක්. නිවැරදි තීරණ ගැනීම වැදගත්. ජනතාව මේ ගැන දැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. ප්‍රතිශක්තිකරණය වැඩිකරගත හැකි ක්‍රියාකරකම් සහ ආහාර ලබාගන්න.” යනුවෙන් පවසා සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More