දේශීය පුවත්

ඊයේ(09) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වුන්නු සාකච්ඡාවකදී රට පූර්ණ වශයෙන් වසා දැමීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කිරීමට අවශ්‍යය සාකච්ඡාවක් සිදු කර ඇති බව වාර්තාවේ.

අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප්‍රධානින් සියලු දෙනා කැඳවා තිබිණු මෙම සාකච්ඡාවට ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මූලිකව කටයුතු කළ බවද අරලියගහ මන්දිරයට සම්බන්ධ වාර්තා පවසා සිටී.

එම සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ ඉතා ඉක්මනින් පූර්ණ වශයෙන් හෝ 75% ක ප්‍රමාණයකින් රට වසා දැමීමට සිදු වුවහොත් ඒ සදහා සූදානම් විය යුතු බවත් එවන් තත්වයකදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවත්ය.

එහිදී තීරණය වී ඇත්තේ ඇඳිරි නීතිය පැනවීමක් කිසිසේත්ම සිදු නොකිරීමටත් ප්‍රදේශ වශයෙන් අගුළු දැමීම පමණක් සිදු කිරීම කළ යුතු ඇති බවත් අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍යය සාකච්ඡාවකදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන මහතා පවසා සිටියේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු ලබන තීරණයක් බවයි. එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ රජය ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට එම අංශ වලට පූර්ණ නිදහස ලබා දී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More