සෑම වසරකම මැයි මස 08 වන දින සමස්ත යුරෝපයම දෙවන ලෝක යුද්ධයෙන් මිය ගිය විරුවන් සමරණ දිනය වන්නේය.එම දිනයේදී ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකිකයන් ප්‍රමුඛ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රංශ ශාඛාවේ නියමුවන්ද ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු බෙදුම්වාදී යුද්දය නිමා කිරීම වෙනුවෙන් දිවි පූජා කළ විරුවන් සිහිපත් කිරීමට කටයුතු කළේය.
මේ දිනවල ප්‍රංශයේ පවතින කොවිඩ් වෛරසය පැතිරයාම වැලැක්වීමට පනවා ඇති නීති රීති වලට අනුකූලව පැරිසියේ වාසය කරන ගරැතර මහා සංඝරත්නය පෙර දැරි කරගෙන,ප්‍රංශයේ ශ්‍රිලංකා තානපති තුමිය ඇතුලු තානාපති කාර්යාලයේ අනිකුත් නිලධාරි මංඩලය සමඟ එක්ව රණවිරු උපහාර උළෙල ප්‍රංශයේ ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදි ඊයේ(08) ප්‍රංශ වේලාවෙන් සවස 3 සිට 6.30 දක්වා බෞද්ධ ආගමික කටයුතු වලට මුල් තැන දෙමින් ඉතා චාම්ව සහ ගෞරවනීය ලෙස පැවැත්වූ බව වාර්තා වේ.




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...