පුරවැසි කොලම

එදා සෝවියට් දේශයේ වැසියන් අද රුසියානුවන් ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරන දිනය තමයි මැයි 9 දිනය. දෙවන ලෝක සංග්රාමයේ ෆැසිස්ට්වාදී ජර්මනිය සෝවියට් දේශය ආක්රමණය කරමින් ආරම්භ කල ලෝක ඉතිහාසයේ දරුණුම යුද්ධය ආරම්භ වුනේ 1941 ජුනි මස 22 වැනිදා. දින 1418ක් පැවති යුද්ධය අවසාන වුයේ සෝවියට් ජනතාවගෙන් මිලියන 27කට පමණ ජීවිත අහිමි කරමින්.

නමුත් ඒ අහිමිවුණු ජීවිත මතින් බිහිවුනේ නව ලොවක්. සෝවියට් දේශයේ ජයග්රහණය නිසා ලෝක දේශපාන මුහුණුවර වෙනස් මඟකට යොමු වුනා. කොපමණ විනාශයක් සිදුවුනත් සෝවියට් දේශයට එදා හැකිවුනා යුද්ධයේ අළු මතින් හිස ඔසවා නැවත ලොව සුපිරි බලයක් ඇති රාජ්යයක් බවට පත්වන්නට.

අවාසනාවකට මුළුමහත් ලෝක වාසී ජනතාවක් ආදරය කල ඒ සෝවියට් දේශය අද ලෝක සිතියමෙනුත් ඉවත් වෙලා. නමුත් එදා ඔවුන් ලබා ගත් ජයග්රහණය, ඔවුන් අප හට ලබා දුන් ජයග්රහණය අපේ හදවත් වලින් ඉවත් කරන්නට බැරිවේවි. ඒ ජයග්රහණය අමරණීයයි.

වර්තමාන රුසියාවේ සෑම පවුලකම කුමන හෝ පුද්ගලයෙක් මේ යුද්ධය නිසා ජීවිත පුද කර තිබෙනවා.එවැනි පුද්ගලයින් නොමැති පවුලක් සොයා ගන්නට අමාරුයි.

අවුරුදු 30ක් අති බිහිසුණු යුද්ධයකින් බැට කෑ අපිටත් යුද්ධයේ බිහිසුණුකම සහ දුෂ්කරබව ගැන අමිහිරි නමුත් පැහැදිලි මතකයක් තිබෙනවා. එදා සෝවියට් සොල්දාදුවන් පෙන්වූ දේශප්රේමීත්වය සහ වීරත්වය නිසා ෆැසිස්ට්වාදයෙන් යුරෝපය සහ ලෝකය බේරා ගැනීමට හැකිවූවා මෙන්ම අපේ සොල්දාදුවන් පෙන්වූ දේශප්රේමීත්වය සහ වීරත්වය නිසා අපටත් ශ්රී ලංකාව තුල බියෙන් සැකෙන් තොරව නිදහස්ව ජීවත් වීමට අවස්ථාව සැලසුණා.

මා සංචාරය කල බොහෝ රටවල් වල යුද්ධයේ භයාකත්වයේ ප්රතිපල ඇස් පනාපිටම දැක ගන්නට මට හැකිවුනා. රුවන්ඩාව, කොන්ගෝව, බුරුන්ඩි, උගන්ඩාව, වියට්නාමය, කාම්බෝජියාව, ලාඕස් මේ රටවල් වල ජනතාවන්ගෙන් කඳුළු වලින් තවත් මහා සාගරයක් නිර්මාණය කරන්න පුළුවන් වේවි.

සෝවියට් දේශයේ ශ්රේෂ්ට දේශප්රේමී යුද්ධය සම්බන්ධව ඇති ජායාරුප බොහෝ ප්රමාණයක් මා දැක තිබෙනවා. නමුත් එක ජායාරුපයක් මගේ සිතේ සදාකාලිකවම මතකයේ තැන්පත් වී තිබෙනවා. ඔබ මේ දකින්නේ ඒ ජයාරුපය. (කළු සුදු ජායාරුපය) එදා 1945 ජුනි මාසයේ ෆැසිස්ට්වාදී ජර්මනිය පරාජයට පත් කිරීමෙන් පසු ජුනි මස 24 වැනිදා මොස්කව් රතු චතුරශ්රයේදී විශේෂ හමුදා ආචාර පෙළපාලියක් පැවැත්වුවා. එවකට සෝවියට් දේශයේ නායකත්වය දැරූ ජෝෂප් ස්ටාලින් සහ යුද්ධයට හමුදා නායකත්වය ලබා දුන් මාෂල් ශුකොව් ගේ ප්රධානත්වයෙන් පැවතී මේ පෙළපාලියේදී සෝවියට් හමුදා භටයින් 200ක් විසින් ජර්මානු යුධ හමුදාවේ නොයෙකුත් සේනාංක සහ හමුදා කණ්ඩායම් වල ධජ සහ ලාංචන 200ක් ලෙනින් සමාධිය පා මුල තැබුවා. පැසිස්ට්වාදයේ පරාජය විප්ලවයේ නියමුවාගේ දෙපතුලට ගෙන ඒම විදහා දැක්වීම සමහර විට මේ ක්‍රියාදාමයේ පරමාර්ථය වන්නට ඇති. ඒ ක්‍රියාදාමයේ සාර්ථකත්වය අදත් මුළු ලොවම අගය කරන ආකාරය දක්නට ලැබීම ඇත්තටම සතුටු කඳුළු නවන්නක්.

තවත් යුද්ධයක් ඕනෑද රුසියානුවන්ට
ගිහින් අහන්න අපේ රටෙන්
අහන්න අපේ සොල්දාදුවන්ගෙන්
අහන්න ඔවුන්ගේ දු පුතුන්ගෙන්
අහන්න අපේ මව් වරුන්ගෙන්
තවත් යුද්ධයක් ඕනැද රුසියානුවන්ට
(රුසියානු ජාතික යෙව්ටුෂෙන්කෝ ගේ පද වැලක්.)
මේ වචන සෝවියට් වැසියන්ට සෝවියට් මව්වරුන්ට, පියවරුන්ට, දු පුතුන්ට දෙමාපියන්ට පමණක් වලංගු වන්නේ නැහැ. එය අපේ රටේ මව්වරුන්ටත් පියවරුන්ටත් දු පුතුන්ටත් ඒ සෙබල සෙබලියන්ටත් අදාලයි.

ශ්රේෂ්ට දේශප්රේමී යුද්ධයේ 76 වන සංවත්සරය සමරන අද දිනයේත් අපේ ප්රාර්ථනාව විය යුත්තේ නැවත මෙවන් යුද්ධයක් ඇති නොවේවා යන්නයි.

සෑම රටකම යුද්ධයෙන් මියගිය සොල්දාදුවන් වෙනුවෙන් දැල්වෙන නොනිවෙන ගිනි සිළුව අදත් හෙට දිනයේත් දැල්වේවි.(Rokhan Direkz)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More