දේශීය පුවත්

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ප්‍රාන්ත ආණ්ඩුව “බිල් 104” නමින් “ශ්‍රී ලංකාවේ දෙමළ සමූල ඝාතන සතිය” අනුමත කරගැනිම පසුගියදා සිදු කෙරිණි. මේ සම්බන්ධයෙන් “ලංකා ලීඩ් නිවුස් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසන ලදී.

එහිදී එතුමා”කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ප්‍රාන්ත ආණ්ඩුව “බිල් 104” නමින් “ශ්‍රී ලංකාවේදෙමළ සමූල ඝාතන සතිය” මැයි මාසයේ 18 දිනෙන් අවසන්වන සතිය ලෙස පිළිගත්තා. ඇත්ත වශයෙන්ම කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ නීතිවේදීන්ගේ නීතිය පිළිබඳව වන දැනුම විශාල ප්‍රශ්නයක් ලෙස සැලකිය යුතු බව පළමුවෙන්ම පැවසිය යුතුයි. එයට හේතුව “සමූළ ඝාතනයක් යන්න” රෝම ප්‍රඥප්තියේ අර්ථ දක්වා තිබෙන ආකාරයෙන් පැහැදිළි වෙනවා. රෝම ප්‍රඥප්තියේ දක්වා තිබෙන්නේ,
1) කණ්ඩායමක සාමාජිකයින් මැරීම
2) කණ්ඩායමක සාමාජිකයින්ට මානසිකව හෝ ශාරීරිකව හානි සිදුකිරීම
3) කණ්ඩායමක පැවැත්ම සම්පූර්ණයෙන්ම හෝ කොටසක් විනාශ වන ආකාරයට හිතා මතා කටයුතු කිරීම
4) කණ්ඩායමක උප්පත්ති පාලනය වන ආකාරයට කටයුතු කිරීම
5) එක කණ්ඩායමක ළමුන් වෙනත් කණ්ඩායමකට බලෙන් මාරු කිරීම

ඒ අනුව “බිල් 104” වැනි යෝජනාවක් ඉදිරිපත් වූ විට ප්‍රථමයෙන් ඒ පිළිබඳව රෝම ප්‍රඥ්ප්තියේ දක්වන අර්ථ දැක්වීමට අනුකූලද යන්න සලකා බැලිය යුතුයි. එසේ කරන්න හැකි වෙන්නේ අනෙකුත් නීති පිළිබඳවත් අවබෝධයක් ඇතිනම් පමණයි. උදාහරණයක් හැටියට LTTE සංවිධානයේ සාමාජිකයින් යුද්ධයේදී ඝාතනය කිරීම සමූල ඝාතනයක් නොවන්නේ කුමන නීතියක් යටතේද කියා දැන සිටිය යුතුයි. එසේම නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට රජයකට ඇති අයිතිය කුමක්ද කියාත් දැන සිටිය යුතුයි. මේ කිසිවක් නොදන්න අය කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ නීති සම්පාදනය කරන තැන්වල ඉන්නව කියල නොවෙයි මේ කියන්නෙ. බටහිර ජාතින් කන්න අවශ්‍ය වෙනවිට “කබරගොයා තලගොයා කර ගැනීමේ න්‍යාය” තමයි මේ භාවිතා වෙන්නෙ.

වරක් කැනඩා පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නා කැනඩාවේ වෙසෙන සියයට අසූවක් දෙමළ ජනයා නිවාඩුව ගතකිරීම සඳහා ලංකාවට යන බවත් සමූල ඝාතනයක් සිදුවී ඇත්නම් එය එසේ සිදුවන්නේ කෙසේද කියාත් ඔහු ප්‍රශ්ණ කර තිබුන. එවන් උගතුන් හා වියතුන් ඔය කියන ඔන්ටාරියෝ වල නැතුව ඇති. අපේ රටෙත් නොයෙක් පළාත් පාලන ආයතන වල පළාත් සභා වල ඉන්නවනෙ කසිප්පු කාරයො, ගනිකා මඩම් හිමියො ආදිය.ඒ අයටත් පනතක්, නීතියක් හරි හැටි ගලපා ගන්න බැරි උදවිය නේ. ඔන්ටාරියෝ ප්‍රාන්තයේ සම්පූර්ණයෙන්ම ඇත්තෙ ඉහත මම කිවූ අපේ සමහර පළාත් සභා වල ඉන්න සමහර කට්ටිය වගේ කට්ටිය විය යුතුයි. නොඑසේනම් එක්තරා “පුතාණෝ” කෙනෙක් වගේ කුමනම පත්‍රිකාවක්වත් ව්‍යවස්ථාවක්වත් නොකියවන අය විය යුතුයි.

ඔය කියන කැනඩාව සමුල ඝාතන වලට චිර ප්‍රසිද්ධයි. ඒවායෙන් කිහිපයක් සඳහන් කරන්නේ නම්
1)කැනඩාවේ දේශීය කාන්තාවන් මරාදැමීමේ ප්‍රවනතාවය අනෙකුත් කාන්තාවන්ට වඩා 12 ගුණයකින් වැඩිවීම.
2) “සංස්කෘතික” සමූල ඝාතනය හෙවත් දේශීය දරුවන් බලෙන් දෙමව්පියන්ගෙන් ඉවත්කර අපයෝජනය සිදුකරන පාසැල් වලට යැවීම.
3) දේශීයය කැනඩා ජාතිකයන් විනාශ කරනු ලබන ඉන්දියානු පනත සහ ළමා සුභසාධක ක්‍රමය.
4) දේශීය කාන්තාවන් බලහත්කාරයෙන් වඳභාවයට පත්කිරීම.

ආදී කිහිපයක් දැක්විය හැකියි. මේවට තමයි කියන්නෙ තමුන්ගෙ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගෙ ඇහේ තියෙන රොඩ්ඩ ගැන කතා කරනව කියල. 2019 ජූනි මාසෙ 4 වෙනිද කැනඩාවෙ අගමැති ජස්ටින් තියඩෝර් පිළිගත්ත කැනඩාවෙ සමූල ඝාතන සිදුවී සහ සිදුවෙමින් පවතින බව. දැන් අපේ පඬියො සහ පඬිපෝතකයො කියාවි අපේ නායකයො එහෙම පිළිගන්නෙ නැහැ   කියල. පිළිගන්න එහෙම දෙයක් දෙමළ ජනතාවට ලංකාවේ වෙලා නැහැ කියල කියන්නේ අපි නොවෙයි, යුද සමයේ හිටපු විදේශීය යුද වාර්තා කරුවන්ගෙ සිට තානාපති සේවාවල නියැළුන පුද්ගලයින් සහ එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ විවිධ සංවිධාන වල සිටි පුද්ගලයින්ගේ වාර්තා තමයි බොහොම පැහැදිළිව එහෙම කියන්නේ. නමුත් LTTE ය විසින් බරපතල ලෙස සමූළ ඝාතන කරල තියෙනව.

අරන්තලාවේ භික්ෂූ ඝාතනය, ජය ශ්‍රී මහා බෝධිය අසල ඝාතනය, කාතන්කුඩි පල්ලියේ ඝාතනය, පොලිස් නිලධාරීන් හයසියයක් ඝාතනය, නොයෙකුත් ස්ථානවල මරාගෙන මැරෙන බෝම්බ කරුවන් යොදා සිදුකල ඝාතන, බස් සහ දුම්රියවල බෝම්බ පුපුරුවා හැර කරන ලද ඝාතන පමණක් නොව මාවිල් ආරු සොරොව්ව වැසීමෙන්ද කිරීමට සැරසුනේ සමූල ඝාතනයක්. ශාෆි දොස්තර වරයාද කර තියෙන්නෙ සමූල ඝාතනයක්. එය සනාත කිරීම අපහසු වී තියෙන්නෙ බීබීසියෙන් චරිත සහතික දෙන ශානි අබේසේකරලගෙ ක්‍රියාකාරකම් නිසා.

දෙමළ ඩයස්පෝරාවේ “රෙෆියුජී” තත්ත්වය ආරක්ෂා කරගෙන ඉන් වාසි ලැබීමට කරන උත්සාහයක් ලෙස තමයි කැනඩා පාර්ලිමේන්තුවේ ඔය සමූළ ඝාතන නාටකය ගැන සඳහන් කරල තියෙන්නෙ. ඒ විස්තර ඔන්ටාරියෝ වලට නොයන්න තරම් දරුණු පිරිහීමක් කැනඩාවේ නීති පද්ධතියේ තියෙනව කියා නිගමනය කිරීමට අපහසුයි. මෙම තත්ත්වය ලංකාවේ සුළු ජාතීන් ගෙන් ඡන්ද ලබාගන්න සමහර පක්ෂ සහ ඒවායේ නායකයෝ හැසිරෙන ආකාරයේ ඡන්ද ගුංඩුවක් ලෙස හඳුන්වන්නත් පුළුවන්.

මේ ප්‍රශ්ණය විසඳීමට නම් කැනඩාවට අවශ්‍ය ආකාරයේ රූකඩ තානාපතිවරයෙක් ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති ලෙස පත්කරල විසඳන්න පුළුවන් කමක් නැහැ. ඒ පිළිබඳව හසල දැනුමක් ඇති ජාති හිතෛශී තැනැත්තෙක් පත්කළ යුතුයි. එවන් තැනැත්තෙක් අපිට ලංකාවෙන් හොයාගන්න නැහැ කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේම දරුණු වැරැද්දක්.

ඔන්ටාරියෝ නාටකය පිළිබඳව සාධනීය යමක් විදේශ අමාත්‍යාංශයෙන් කෙරුනෙ නැහැ. අඩුම තරමේ කැනඩා තානාපතිවරයාවත් කැඳවල රජයේ අප්‍රසාදය ප්‍රකාශ කරන්න තිබුන.මේ වන විට කරල තියෙනවද දන්නෙ නැහැ. නමුත් එවැන්නක් දැන ගැනීමට නැහැ. ඒ වගේම ලංකාවේ රජයට හැකියාව තියෙනව “ජෙනොසයිඩ්” කියන්නෙ මොනවගේ දේවල්ද කියල පාසැල් පොත් වලටත් ඇතුලත් කරන්න. උදහරණයක් ලෙස කැනඩාවෙ අගමැතිතුමත් පිළිගෙන තියෙන කරුණු ඇතුලත් කිරීමට සලකා බලන බවත් කැනඩා තානාපතිතුමාට ගෞරවයෙන් දැනුම් දිය හැකියි. මේ පිළිබඳවත් ජාතික සංවිධාන යමක් කරනකම් අදාල බලධාරීන් බලා ඉන්නව වෙන්නත් පුළුවන්. ඉදිරියේදී අපේ අප්‍රසාදය දැක්වීමට අප ක්‍රියාකරනු ලබනව. අපේ අප්‍රසාදය ශ්‍රී ලංකාවේ රජය වෙත දැක්වීමට රජය ඉඩ නොතබනු ඇති කියා අපි හිතනව.” යැයි පැවසුවේය.

(සබැදි පුවත්)

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් අංක 104 දරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී පහත් කෙටුම්පත සම්මත කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ දැඩි කනස්සල්ල කැනඩාව වෙත ප්‍රකාශ කර තිබේ.

විදේශ අමාත්‍ය දිගේෂ් ගුණවර්ධන මහතා (10) කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා විදේශ අමාත්‍යාංශයෙදී හමුවූ අවස්ථාවේදී මෙසේ කනස්සල්ල ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවී ඇති බවට කැනඩාව විසින් සොයා ගැනීමක් කර නොමැති බව තහවුරු කර ඇති කැනඩා රජයේ නිල ස්ථාවරයට පටහැනිව, ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුව ඇති බවක් ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් සොයා ගෙන ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ඔන්ටාරියෝ හි උප ආණ්ඩුකාරවරිය විසින් එම පනත් කෙටුම්පත සඳහා ලබා දුන් රාජකීය අනුමැතිය අත්හිටු වීම සඳහා කැනේඩියානු රජය වහාම මැදිහත් වන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මෙම රැස්වීමට එක්වෙමින් විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා, මෙම 104 දරන පනත් කෙටුම්පත හේතුවෙන් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට, සාමය ගොඩ ගැනීමට හා පොදුවේ ද්විපාර්ශ්වික සබඳතා වලට ඇති විය හැකි හානිය පිළිබඳව විස්තර කළේය.

විවිධ අංශ වලින් ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් කැනේඩියානු රජයට ස්තුතිය පළ කළ විදේශ අමාත්‍යවරයා, මහ කොමසාරිස්වරයා සමඟ පුළුල් පරාසයක ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More