දේශීය පුවත්

ශ්‍රී ලංකා වෛද්‍යය සභාව නියෝජනය කරමින් එහි සභාපති වෛද්‍යය පද්මා ගුණරත්න, රජයේ වෛද්‍යය නිළධාරින්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍යය අනුරුද්ධ පාදෙනිය, විශේෂඥ වෛද්‍යයවරුන්ගේ සංගමයේ සභාපති ලක් කුමාර ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා වෛද්‍යය සභාවේ අන්තර් වෛද්‍යය විද්‍යාල කමිටුව නියෝජනය කරමින් එහි කැඳවුම්කාරිනි වෛද්‍යය තමාසී මකුලොලුව යන මහත්ම මහත්මීන්ගේ අත්සනින් යුතුව ජනාධිපති තුමා වෙත ලිපියක් යොමු කර ඇත. එය අප්‍රේල් මස 06 වන දින දාතමින් යුතුව යොමු කර ඇති බව වාර්තාවේ.

එහිදී ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කරුණු හතක් අවධාරණය කර ඇත. ඒවා නම්, 2020 ඔක්තෝබර් 20 වන දින නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව දැඩි සංචරණ සීමා පැණවීම, විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ගණන් බැලීමක් කර යම් කිසි ප්‍රදේශයක කොවිඩ්19 වෛරසය ආසාදිතයන් හමුවීමේ ඝනත්වයට සාපේක්ෂව අදාල ප්‍රදේශය අගුළු දැමීම හෝ තවදුරටත් අවශ්‍යය වන්නේ නම් අන්තර් දිස්ත්‍රික් සංචරණ සීමා පැනවීම, තෝරාගත් අත්‍යවශ්‍යය සේවා පවත්වා ගෙන යාමේදී විශේෂිත ආර්ථික කේන්ද්‍රස්ථාන පවත්වාගෙන යාමේදී අනුලංඝනීය නීති තදබල ලෙස පැනවීම, තැන තැන එක්වරම හමුවන කෝවිඩ් ආසාදිතයින් නිවෙස් තුළම නිරෝධායනයට ලක් කිරීමට අවසර දීම සහ ඔවුන්ව සෞඛ්‍යය සේවා නිළධාරින් විසින් උපක්‍රමශීලීව නිරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කරණ අතර තුර නියුමෝනියා තත්වය ඇතිවන රෝගීන්ව ඉතා ඉක්මනින් රැගෙන යාමට රෝහල් පහසුකම් සලසා තිබීම, රෝහල් ඇඳන් දැඩි සත්කාර ඒකක සහ ඔක්සිජන් සම්පාදනය විධිමත් කරමින් රෝග නිවාරණ පහසුකම් ප්‍රවර්ධනය කිරීම, විද්‍යාගාර පහසුකම් වැඩි දියුණු කරමින් කොවිඩ්19 වෛරසය හඳුනා ගැනීමට අවශ්‍යය පීසීආර් පරීක්ෂණ කඩිනම් කිරීමට ප්‍රතිපාදන සැලසීම මෙන්ම සැපයුම් දාමය ක්‍රමවත් කිරීමට මැදිහත් වීම සහ පහසුවෙන් ලබා ගැනීමට හැකි ලෙස ප්‍රමානවත් තරම් කොවිඩ්19 එන්නත් සම්පාදනය කිරීම යන කරුණු හත වේ.

ඔවුන් විසින් භාරදුන් ලිපියට අනුව වැඩි දුරටත් සාකච්ඡා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම වෛද්‍යයවරුන් හෙට දින හමු වීමට නියමිත බවද පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More