ජනාධිපතිතුමා විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට තීන්දු කිරීමත් සමඟ නව කාබනික පොහොර වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට සහ ඒ මගින් ඒවා ආනයනය කිරීමේ ජාවාරමකට සූදානම් වන කූට වෙළෙඳුන් පිරිසක් සිටින බවත් ඔවුනට විරුද්ධ විය යුතු බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසයි. ජාතික පුවත් පතකට ලිපියක් සපයමින් දීර්ඝ පැහැදිළි කිරීමක යෙදෙන ඒ මහතා සඳහන් කරන්නේ අදාල තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉටු කළ යුතු පූර්ව කොන්දේසි රාශියක් තිබෙන බවත් ඒ අතර ජනාධිපතිතුමාගේ කටින් වචනය පිටවූ සැනින් රජයට අයත් ලංකා පොහොර සමාගම කාබනික පොහොර මිළදී ගැනීම සඳහා දැන්වීම් පළ කිරීම මගින් ප්‍රශ්නය වැරදි කොනින් අල්ලා ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...