දේශීය පුවත්

ශ්‍රී ලංකාවට චීන මහජන සමූහ ආණ්ඩුවෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු “සයොනෝෆාම්” නම් කොවිඩ් 19 වෛරසය පාලන එන්නතට ලෝක සෞඛ්‍යය සංවිධානයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තාවේ. පසුගිය මාර්තු 31 වෙනිදා මෙරටට චීන ප්‍රදානයක් ලෙස ලැබුනු සයනොෆාම් එන්නතට එරෙහිව චීන විරෝධී කණ්ඩායම් විසින් බරපතල විවේචන රැල්ලක් ක්‍රියාත්මක කළහ.

එම විරෝධයන් හේතුවෙන් සයනොෆාම් එන්නත මෙරට කොවිඩ්19 වෛරසය පැතිරීම වැලැක්වීම පිණිස යොදා ගැනීම ප්‍රමාද කෙරුණි. ඒ සම්බන්ධයෙන් “මහජන යුතුකම් කේන්ද්‍රය”නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ බටහිර ඖෂධ මාෆියාවෙන් යැපෙන්නන්, සයනොෆාම් එන්නත ලබා දීමෙන් කොවිඩ්19 වෛරස ආසාදිතයන් සුවපත් කරගැනීමට තිබූ අවස්ථාව අහිමි කරවීම හේතුවෙන් මිය ගිය රෝගීන්ගේ මරණ වලට වගකිව යුතු බවයි.

සයොනොෆාම් එන්නතට විරුද්ධ වූ විවිධ විරෝධතා කරුවන් අතර සිටි හිටපු සෞඛ්‍යය අමාත්‍යය රාජිත සේනාරත්න මහතාට හිතවත් ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍යය ලලන්ත රණසිංහ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනය මගින් පවසා තිබුණේ චීනයේ නිෂ්පාදන “සයොනෝෆාම්” කොරෝනා එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ විද්‍යාත්මක පදනමකින් නොවන බවත් එය මෙරට ජනතාවට ලබා දුනහොත් ජනතාවගේ ජීවිත පිළිබඳ අවදානමක් පවතින බවත්ය.

ඒ අතර කොවිඩ්19 එන්නත් සම්බන්ධ වෛද්‍යය විශේෂඥ කමිටුවේ සාමාජිකයන් වන විශේෂ්ඥ වෛද්‍යය ලක් කුමාර ප්‍රනාන්දු(ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වත්මන් සභාපති),වෛද්‍යය චිකිත්සක ආනන්ද විජේවික්‍රම, ජේෂ්ඨ එන්නත්වේදී වෛද්‍යය රජීව ද සිල්වා,ජේෂ්ඨ එන්නත්වේදී වෛද්‍යය කාන්ති නානායක්කාර,  පෙනහළුවේදය පිළිබඳ මහාචාර්ය චන්න රණසිංහ,  සහ ජේෂ්ඨ වසංගතවේදී වෛද්‍යය හසිත තිසේරා යන අයවළුන්  විසින් එන්නත ප්‍රතික්ෂේප කිරීමක් නොකර දිගින් දිගටම එන්නත සම්බන්ධ විවිධ වාර්තා ඉල්ලමින් එන්නතට අනුමැතිය දීම කල්දැමීමට හේතුවන ලෙස කටයුතු කළ බව පුවත්පත් වාර්තා පවසා සිටියේය.

මේ අතර “රෝගීන්ගේ අයිතිවසිකම් සඳහා වන මහජන ව්‍යාපාරය” නම් රාජ්‍යය නොවන සංවිධනයක සභාපතිවරයා වන ලුයිස් බෙනඩික්ට් සහ එහි ලේකම් ක්‍රිස්ටිනා පෙරේරා යන අයවළුන් විසින් අප්‍රේල් 09වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා තිබුනේ ජාතික වෛද්‍යය නියාමන අධිකාරියට සයොනොෆාම් එන්නත අනුමැතිය දීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසයි. පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුනේ, සෞඛ්‍යය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන, ඖෂධ නියාමන අධිකාරිය සහ එහි සභාපති මහාචාර්ය අසිත ද සිල්වා යන මහත්වරුන්ය.

සයනෝෆාම් එන්නතට බරපතල ලෙස එරෙහි වූ කණ්ඩායම් වල සාමාජිකයන් කිසිවෙකු ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයෙන් ශ්‍රි ලංකාවේදි තිදෙනෙකු මියගිය බවත් ලෝකය පුරා ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අත්හරිමින් පවතින බවත් පිළිගැනීමට මැළි වීම පුදුමයට කරුණක් බව විශේෂඥ වෛද්‍යයවරයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටියේය.

මේ අතර රාජ්‍යය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශයක් කරමින් පවසා සිටින්නේ සයනෝෆාම් එන්නත මෙරට කොවිඩ්19 වෛරසය පාලනය කිරීම වැලක්වූයේ කොළඹ කේන්ද්‍ර කරගත් “විජාතික වෛද්‍ය ජුන්ටාව”, ඔවුන්ට හිතවත් මාධ්‍යවේදීන්, විපක්ෂ දේශපාලනඥයන් කිහිප දෙනකු සහ ඔවුන්ගේ අතකොලු ලෙස ක්‍රියා කරන කිහිප දෙනෙකු බවයි. එම කණ්ඩායම් ක්‍රියාකරන්නේ තමන්ගේ හයියකින් නොව චීන විරෝධී එතෙර බලවේග සහායෙන් බව අවධාරණය කරණ බවද රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන මහතා පවසයි.
රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්…

සයිනොෆාම් ගැහිල්ල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More