දේශීය පුවත්

කොවිඩ් 19 වෛරසය මෙරටින් වාර්තා වූ 2020 වසරේ සිට එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ(07) දිනයේ වාර්තාවූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යයක්ෂක ජනරාල් මොහාන් සමරණායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම මරණ ගණන 19 ක් බව ප්‍රවෘත්ති අධ්‍යයක්ෂකවරයා නිකුත් කළ නිවේදනය මගින් පවසා සිටී. මේ අනුව මෙරටින් මෙතෙක් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 764කි.

ඊයේ දිනයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව අතර කාන්තාවන් 8 දෙනෙක් සහ පිරිමි අයවළුන් 11 දෙනෙක් සිටින බව පැවසේ.

මිය ගිය අය අතර වයස අවුරුදු 41-50 කාණ්ඩයේ එක් කාන්තාවක්ද, වයස අවුරුදු 51-60 කාණ්ඩයේ එක් කාන්තාවක් සහ පිරිමින් දෙදෙනෙකු ද, වයස අවුරුදු 61-70 කාණ්ඩයේ කාන්තාවන් හතර දෙනෙකු සහ පිරිමින් හතර දෙනෙකුද, වයස අවුරුදු 71-80 කාණ්ඩයේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් තිදෙනෙකුද වයස අවුරුදු 80ට වැඩි කාණ්ඩයේ පුරුෂයන් දෙදෙනෙකුද වන බව පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More