දේශීය පුවත්

මහරගම නගර සභාවේ ඊයේ (06 වැනිදා)පැවැති මාසික මහා සභා රැස්වීම අතරතුර පාලක පක්‍ෂයේම නාගරික මන්ති‍්‍රනී සාවිති‍්‍ර ගුණසේකර මහත්මිය නාගරික මන්තී‍්‍ර නිශාන්ත විමලචන්ද්‍ර මහතාට පහර දීම සිදු කිරීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

නගර සභාවේ මන්තී‍්‍ර කාමරයක් තුළ ඇතිවූ සංවාදයක් පාලක පක්‍ෂය නියෝජනය කරන නාගරික මන්ති‍්‍රනී සාවිති‍්‍ර ගුණසේකර පසුගියදා සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර තිබිණි.

ඇය විසින් එම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැරීමට එරෙහිව ඊයේ නගර සභා මාසික මහා සභා රැස්වීම අතරතුරදී මන්තී‍්‍රවරුන්ගේ විරෝධය පළ විය.

එම සංවාදය අදාළ මන්තී‍්‍රවරිය වීඩියෝගත කිරීම සම්බන්ධයෙන් ඇය ආසන්නයට පැමිණි පාලක පක්‍ෂයේම නිශාන්ත විමලචන්ද්‍ර නාගරික මන්තී‍්‍රවරයා විරෝධය පළ කිරීමත් සමග සාවිති‍්‍ර මන්තී‍්‍රවරිය, නිශාන්ත විමලචන්ද්‍ර මන්තී‍්‍රවරයා අසලට පැමිණ අතින් පහරපිට පහර දෙන්නට වීමත් සමඟ දෙදෙනා අතර ගුටි බැට හුවමාරුවක් ඇති විය.

මෙම සිද්ධියත් සමග නගර සභා මාසික සභා රැස්වීම විනාඩි පහකට කල්තැබීමට නගර සභාපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතා පියවර ගත්හ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මන්තී‍්‍රවරිය මන්තී‍්‍රවරයාට එරෙහිව ඊයේ සවස මහරගම පොලිසියට පැමිණිලි කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More