දේශීය පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක රඳවා සිටින අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ දී සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ.

සිර දඬුවම් ලැබීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා දැඩි මානසික කඩා වැටීමට ලක්ව ඇතැයි සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා වෙමින් ඇත.

මේ තත්ත්වය මත කෙසේ හෝ ජනාධිපතිවරයාගෙන් ජනාදිපති සමාව ඉල්ලා දෙන්නයි ඔහු විසින් කරන ලද ඉල්ලීමක් අනුව විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා සමග ඒ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරයා එහිදී කරන ලද දැන්වීම අනුව රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව ඉල්ලා තම අත්සනින් යුතු ලිපියක් සජිත් ප්‍රේමදාස මහතාට භාරදී තිබේ.

නමුත් මෙතෙක් එම ලිපිය ජනාධිපතිට ලැබී නැතැයි ද වාර්තා වෙයි.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව මත රන්ජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයාට වසර 04ක කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More