දේශීය පුවත්

පසුගිය දින සජබ පාර්ලිමේන්තු මංත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් කැබිනට් අමාත්‍ය සරත් වීරසේකර මහතාට පාර්ලිමේන්තුවේදී එල්ල කරන ලද “ජිනීවා ගොස් මුදල් හම්බකරන් ආවා” යන චෝදනාව පිළිබඳව “ලංකා ලීඩ් නිවුස්” වෙබ් අඩවිය ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වීමට අවශ්‍යය වන ගමන් සංවිධානය කිරීම පිටුපස සිටි ප්‍රධානම කණ්ඩායම වන ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසන ලදී. එහිදී යසස් ධර්මදාස මහතා ” සරත් වීරසේකර මහතාට මුදල් ලැබීම කෙසේ වෙතත් කොටි ඩයස්පෝරාවෙන් මුදල් ලබා ගත්තා යැයි සරත් වීරසේකර මතාගෙන් කණ පුරාම සරත් ෆෝන්සේකා මහතා අසාගත්තා. ඔහුට මුදල් දුන් කණ්ඩායම් විසින් මෙහෙයවන ලද වෙනත් අණු කණ්ඩායම් සහ පුද්ගලයින් සිටිනවා.  සරත් ෆොන්සේකා මහතාට වගේම එම අණු කණ්ඩායම් වලටත් අත පුරා LTTE ඩයස්පෝරාවෙන් වියදම් කරන බවනම් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

සරත් වීරසේකර මහතාට ඔය ගමන් බිමන් වලින් මුදල් ලැබුන කියනවනම් ඊට වැඩිය දේශද්‍රෝහී ප්‍රකාශ ඔය වාචාල කටවල් වලින් කියල ඇති.ඒ දේශද්‍රෝහී ප්‍රකාශ එක හේතුවක් මානව හිමිකම් කොමිසම අපට විරුද්ධව කටයුතු කරන්න. සරත් විරසේකර මහත්තයට අඩුම තරමින් අපිට ව්‍යාපාරික පන්තියේ ටිකට් පතක්වත් දෙන්න හැකියාව තිබුණේ නැහැ. එදා සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවෙ කළ කතාවෙ එක අඩුපාඩුවක් තිබුන. හරිනම් එතුමට කියන්න තිබුනෙ නීතිය හරියට ක්‍රියාත්මක කළානම් සුමන්දිරන්ල, විග්නේශ්වරන්ල ආදී සියළුම LTTE ලැදි දෙමල දේශපාලකයින් මේ වෙනවිට සිටිය යුත්තේ හිරගෙදර කියලයි. ඒක වැලකී ගියේ බැන්කී මූන් එදා යුද්ධය ඉවරවෙලා දින දෙකකින් ලංකාවට කඩා පාත් වුණු නිසයි. කවුද දන්නෙ බැංකී මූන්ටත් යස්මින් සූකාටත් සරත් පොන්සේකට මුදල් දුන්න අය මුදල් දීලද කියල” යනුවෙන් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More