මේ වනවිට මෙරට රෝහල් ධාරිතාව උපරිම මට්ටමට ළඟා වෙමින් ඇතැයි, කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
රාජ්‍ය අමාතවරිය නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ, හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බවයි.
තව ද PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු වාර්තා පැමිණෙන තුරු නිවසින් එළියට නොගොස් නිවසට ම වී සිටින ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියා ය.
දෛනිකව විශාල PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කරන බැවින් වාර්තාවල යම් ප්‍රමාද ඇති බවට වාර්තා වන බව ද ඇය පැවසුවා ය.
තව ද ඉදිරි සති 2,3 තුළ අනවශ්‍ය ගමන් බිමන් නොගොස් , සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අවදානම් මොහොතේ රට වෙනුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා වගකීම ඉෂ්ට කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
එසේ නොමැති වුවහොත් රෝගය වේගයෙන් පැතිර යන මේ මොහොතේ පාලනය කිරීම අසීරු විය හැකි බව ද ඇය පැවසුවා ය.
අමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, පවතින තත්ත්වය යටතේ පිටරට සිට මෙරටට පිරිස් ගෙන්වා ගැනීම සීමා කිරීමට සිදු වන බවයි.
ඒ, නිරෝධායන මධ්‍යස්ථාන සියල්ලත් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීම සඳහා අවශ්‍යව ඇති බැවින් පසුගිය සමයේ මෙන් පිටරටවල සිට විශාල පිරිසක් පැමිණිය හොත් ඔවුන් නිරෝධායනය කිරීමේ දී ගැටලු පැන නගින බැවිනි.
තවද මේ මොහොතේ ප්‍රමුඛත්වය දිය යුතුව ඇත්තේ මෙරට රෝගීන් ප්‍රතාකාර සඳහා බව ද ඇය සඳහන් කළා ය.
මේ අතර ගෙවණු දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1939ක් වන අතර වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 14කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...