දේශීය පුවත්

මහා පරිමාණ PCR මාෆියාවක්.

May 6, 2021 10:44 am | Lanka Lead News

කොවිඩ් ව්‍යාප්තියට මුවාවී යළිත් ධාරිතාවටත් වඩා පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකර ගසා කෑමේ මහා පරිමාණ ජාවාරමක් සෞඛ්‍ය අංශවල කිසියම් පිරිසක් සංවිධානාත්මකව ආරම්භ කර ඇතැයි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කමිටුවේදී අනාවරණය වී ඇත.

පෞද්ගලික රෝහල් සඳහා දෛනිකව අවසර ලබාදී ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණයද දෙගුණයකින් වැඩිකිරීමමට අදාළ කණ්ඩායම් ඉඩ සලසා දී ඇතැයි හෙළිවී තිබේ.

ගතවූ දින පහ ඇතුළත පරීක්ෂණාගාරවල ධාරිතාව ඉක්මවමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොතකා පී.සී.ආර්. පරීක්ෂණ මාෆියාව ක්‍රියාත්මක වී ඇතැයි අනාවරණය වීමත් සමග කොවිඩ් මර්දන කමිටුවේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (5 වැනිදා) සිට අදාළ රෝහල්වල කටයුතු නිරීක්ෂණය කරන්නැයි නියෝග ලබා දී තිබේ.

පෙරේදා (4 වැනිදා) දිනයට පමණක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට දුන් නියෝග පවා නොතකා රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ 37,000ක් කර ඇතැයි අනාවරණය වී ඇත.

පරීක්ෂණාගාරවල ධාරිතාව ඉක්මවා පරීක්ෂණ කිරීම නිසා දිනකට පරීක්ෂණ කට්ටල පන්දහසත් දස දහසත් අතර ප්‍රමාණයක් වාර්තා ලබා දීමට නොහැකිව ගොඩගැසෙන බව කොවිඩ් කමිටුව අනාවරණය කරගෙන තිබේ.

එක්තරා ප්‍රධාන පෞද්ගලික රෝහලක් දිනකට 1200ක් පරීක්ෂණ කිරීමට දුන් සීමාව ඉක්මවමින් දවසට 3000 බැගින් දින පහක් ඇතුළත පී.සී.ආර්. පරීක්ෂණ පහළොස් දහසක් කර ඇතැයි ද හෙළි වී තිබේ.

රුපියල් හයදහස් පන්සියයක් එක් පරීක්ෂණයක් සඳහා වැයවන බවත් අවශ්‍ය ලෙස ධාරිතාව වැඩිවන පමණින් මහජන මුදල් පිටරට සමාගම් වෙත හා ජාවාරම පසුපස සිටින කණ්ඩායම්වලට බෙදී යන බවත් ඒ අනුව අනාවරණය වී තිබේ.

රටම වසා දමා පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කරන්නැයි ජනතාව අතර මතයක් ඇති කරන්නට උත්සාහ ගන්නේත් පී.සී.ආර්. මාෆියාව පසුපස සිටින කණ්ඩායම් බව කොවිඩ් කමිටුව පෙන්වා දෙයි.(අරුණ පුවත්පත ඇසුරෙනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More