මුහුණු පොතෙන්

ඇත්තටම අද සමාජ මාධ්‍යවල ජනාධිපතිතුමාට එල්ල වෙන මඩ වලට මූලිකවම වගකියන්න ඕන ජනපති මාධ්‍ය අංශය. ඒකෙ සමාජ මාධ්‍ය බලන අය.
අපි කලින්ම පෙන්නල දුන්න වගේ මුලින්ම විපක්ෂ මඩ බලකාය ගැහුවේ ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයට. එහෙම ගහලා ජෝකර් කෙනෙක් කරාට පස්සේ කියන ඕන දෙයක් විහිලුවක් කරල ගන්න පුලුවන්. මේ ටාගට් එක තාම හිතුව මට්ටමට ඇවිල්ලා නෑ. ඒත් තව පරක්කු උනොත් මේක සම්පූර්ණයෙන්ම පාලනයෙන් ගිලිහෙන්න පුලුවන් ! තාම තියෙන්නේ උග්‍ර රාජපක්ෂ විරෝධීන්ගේ ස්වයං වින්දන මට්ටමක විතරයි. නමුත් කණගාටුවට කාරණය මේව දැකලා අපේ සමහර බයියොත් නිකන් මානසිකව වැටිලා ස’ පේල් ගාන එක. බුකියේ තියෙන්නේ සල්ලි වලට කරන කෘතිම ස’ ෆේල් කැම්පේන් එකක්.
ඇත්තටම ස’ ෆේල් නෑ. සජිත් වගේ ගොඩ්බයෙක් ජනාධිපති උනා නම් පාරෙ මැරෙනව මිනිස්සු ඉන්දියාවේ වගේ. ජාතක ආරක්ෂාව තහවුරු කරලා, ඒකයි භාවය රැකගෙන, සිංහලයන්ට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුලුවන් රටක් හදල, දේශීය ආර්ථිකය ගොඩදාන්න ට්‍රයි එකක් දෙන ගමන්, මෝඩ ගව රැලක් වගේ හැසිරෙන මිනිස්සු එක්ක කොරෝන මේ තරමට කන්ට්‍රෝල් කරනව කියන්නේ ලේසි වැඩක් නෙමෙයි.
දැන් මේකෙන් කියවෙන්නේ නෑ ආණ්ඩුවේ ඔක්කොම හරි කියලා. වැරදි තියනව. නමුත් රටට ජාතියට අනාගතයට හානි වෙන යහපාලන මොඩල් එකේ බරපතල වැරදි වෙලා නෑ, වෙන්නෙත් නෑ මොකද බයියයන්ට කන්ට්‍රෝල් පාලනයක් මේක. රටට ආදරේ මිනිස්සුන්ට තියන හොඳම ඔප්ශන් එක ගෝඨා මහින්ද පාලනය. මේ අවුරුදු ටිකේ ඉකොනොමි එක ගොඩ දාගන්න පදනමක් හදාගෙන, අනාගතේ යහපාලන මොඩල් තක්කඩියෙක් ආවොත් රට අනාත කරන්න බැරි වෙන්න, අණ පනත් ටිකක් හදාගත්තොත් ඉතින් ගොඩ. ඔය සුරංගනා පාලකයො ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. නිකන් බුකියේ පඬි වදන් දිදී ඉන්න හොඳයි.
අන්තිමට කියන්න තියෙන්නේ ස’ ෆේල් නෑ. හැබැයි ස’ ගෙ සෝෂල් මීඩියා ටීම් නම් අන්තෙටම ෆේල්. මෙච්චර දෙයක් කරලත් ඒ ටික හරියට මාකට් කරගන්න බෑ. අද ලියුම වගේ තමයි ඕකේ ඉන්න බහුතරයකට සිංහලෙන් ගලපලා වාක්‍ය 5ක් ලියාගන්න බෑ. උන් දන්න එකම දේ හෑෂ් ටැග් ගහලා #GR_My_President කියල දාන එක. ඒක තමයි එයාලගේ මුළු ලෝකෙම 😂
අනික සුදේවලා කිංස්ලිලාට මේක හදන්න අමාරුයි. මොකද ජනාධිපතිතුමාට හානිය කරන්නේ සෝෂල් මීඩියාවලින් (ප්‍රධාන මාධ්‍යවලින් එහෙම අවුලක් නෑ සහ ඒක මෙහෙයවන්නේ මාධ්‍ය ආයතන අයිතිකාරයෝ)
මේ මැච් එක ගහන්න නම් ෆෝමැට් එකට ගැලපෙන ප්ලේයර්ස්ලා ගේන්න ඕන. ටෙස්ට් වල වැඩ දැම්ම කියල අතපත්තුල ඩ්‍රාවිඩ්ල දාලා t20 ගහන්න බෑ. ඒකට රසල්ලා පොලාඩ්ලා ඕන.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More