ආනයනික කිරි පිටි වලට බදු පනවා ඒවා අධෛර්යමත් කිරීමට කටයුතු කර දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කරනවා වෙනුවට ආනයනික කිරි පිටි වලට බදු සහන දෙමින් එසේ පහත දමන මිළට සරිලන ලෙස දේශීය දියර කිරි මිළ පහත දැමීම සඳහා ආණ්ඩුවේ පාර්ශව අතර සාකච්ඡා කෙරෙමින් පවතින බව වාර්තාවේ.
දැනට රුපියල් 100 දක්වා ඉහළ මට්ටමක පවතින දියර කිරි මිළ ඒ අනුව රුපියල් 80 දක්වා පහත හෙලීමට යෝජනා කරන බවද වාර්තාවේ. මේ සම්බන්ධව අදහස් දැක්වූ කිරි ගොවියෙකු “ආණ්ඩුව කිරි ගොවියාගේ බෙල්ල මිරිකල පාරිභෝගිකයාට සහන දෙන්න හදනවානම් අපි කිරි හරක් ටික මසට විකුනලා දානවා.
කිරි ගන්නේ පොලොවෙන් නොවෙයිනේ.කිරි හරක් හදලයි කිරි දොවා ගන්නේ.අපිට සාධාරණ මිළක් ලැබෙන්නේ නැති නම් අපි මොකටද කිරි හරක් හදන්නේ. කිරි නිෂ්පාදනය වැඩි කරන්න ගොවියාට සාධරණ මිළක් ගෙවන්න ඕන. ඔය ගොන් බූරු වැඩේ කරන්න එපා කියල අපි ආණ්ඩුවට කියනවා.” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...