රසායනික පොහොර තහනම යොදා ගනිමින් කාබනික පොහොර සහ විශේෂයෙන්ම ජෛව පොහොර ආනයනය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට ආණ්ඩුවට හිතවත් බව පෙන්වන යම් කූට ව්‍යාපාරිකයන් පිරිසක් පිඹුරුපත් සකසමින් සිටින බව ලංකා ලීඩ් නිව්ස් වෙබ් අඩවිය වෙත වාර්තාවේ.
ඒ අනුව පිටරටින් බැක්ටීරියා මෙරටට ගෙන්වා මෙරට ජෛව විවිධත්වය පවා අණතුරට ලක් කරමින් කෝටි ප්‍රකෝටි ගණනින් ලාභ ඉපැයීමට මාර්ගයක් ඔවුන්ට පෑදී ඇති බව ඔවුනට සම්බන්ධ ආරංචි මාර්ග මගින් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත වාර්තා වේ.
ඒ පිළිබඳව අදහස් දැක්වූ ජෛව පොහොර පිළිබඳව පර්යේෂණ කරණු ලබන විශේෂඥයෙකු ලංකා ලීඩ් වෙත පවසා සිටියේ දැනටමත් මහා පරිමාණයෙන් දේශීයව ජෛව දියර පොහොර සකස්කරණ බව සහ එම ක්‍රියාවලිය පුළුල් කිරීම මගින් දේශීයව ජෛව පොහොර අවශ්‍යයතාවය සපුරාගත හැකි බවය. ඒ නිසා ජෛව පොහොර ආනයනයට කිසිසේත්ම ඉඩ දිය යුතු නැති බව ඔහු අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...