ජාතික ගොවි ජන එකමුතුව විසින් ඊයේ(04) රාජගිරිය නාවල පාරේ පිහිටි ජාතික සංවිධාන එකමුතුවේ මූලස්ථානයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ මුළු මහත් ශ්‍රී ලාංකේය ජාතිය බලා සිටි රසායනික පොහොර භාවිතය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් ප්‍රතිපත්තිමය තීන්දුව මේ රටේ ජනයා දුටු සුභ සිහිනය සැබෑ වීමක් ලෙස සලකන බවයි.
කෙසේ වුවද ඉතා දිගු කාලයක් තිස්සේ රසායනික පොහොර භාවිතා කරමින් නිසරු කර තිබෙන මහ පොළොව එක් වරම රසායනික පොහොර නවතා ගොවිතැන් කිරීමට උත්සහා කිරීම මගින් කෘෂි අස්වැන්නේ යම් පහළ වැටීමක් සිදුවීමට ඉඩ තිබෙන බව වෛද්‍යය වසන්ත බංඩාර මහතා පෙන්වා දුනි. මේ තත්වය නරාවලට වැටී තිබෙන විපක්ෂයට ගොඩ යාමට පිදුරු ගසක් සැපයීමක් වීමට බොහෝ ඉඩ කඩ තිබෙන බැවින් ඉතා ප්‍රවේශමෙන් මෙම ප්‍රතිපත්තිමය තීන්දුව ක්‍රියාවට නැංවීම කළ යුතු බව වෛද්‍යය වසන්ත බංඩාර මහතා අවධාරණය කළේය.දීර්ඝ කාලයක් රසායනික පොහොර භාවිතයට හුරුවූ ගොවි ජනයා ඊනියා හරිත විප්ලවය මගින් මොළ සෝදාගත් කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරින් මෙන්ම විපක්ෂය මෙම ප්‍රතිපත්තිමය තීන්දුවේ ප්‍රායෝගික භාවිතය තුළ ඇතිවන අඬු ලුහුඬුකම් ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුව සහ ජනාධිපති තුමා වැරදි තීන්දුවක් ගත් බවට සමාජගත කොට ආණ්ඩුව සහ ජනාධිපතිවරයා අප්‍රසාදයට පත්වන ක්‍රියාමාර්ග තේරීමට කිරීමට කටයුතු කරණු ඇති බවද පවසා සිටියේය..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...