දේශීය පුවත්

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට පක්ෂ කිහිපයක නායකයෝ සහභාගි නොවූහ .

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ටිරාන් අලස් ,අසංක නවරත්න යන මහත්වරුන් ද ,අතුරලියේ රතන හිමියන් ද එම පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවූ බව වාර්තා වේ .

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ අතර ,ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි පිරිසකට ආරාධනා කර තිබූ නිසා මෙම පක්ෂ නායකයින් පිරිස ඊට සහභාගී නොවූ බව දැනගන්නට ඇත .

එම පක්ෂ නායකයන් ඊයේ පස්වරු 5 ට පමණ අරලියගහ මන්දිරයට ගොස්, රැස්වීමට සහභාගි නොවන බව අගමැතිවරයාට දැනුම් දුන් බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළේ තමා ඇතුළු පිරිස අගමැතිවරයා හමුවි පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවන බව දැනුම් දුන් බව ය .

පක්ෂ නායක රැස්වීමට පොදුජන පෙරමුණේ විශාල පිරිසක් කැඳවා සිටි නිසා ඊට සහභාගි නොවූ බව හෙතෙම සඳහන් කළේය

තමාත් ,වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ,මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස් ,එල් එම් අතාවුල්ලා ,ජයන්ත සමරවීර, යන මහත්වරුන් සහ අතුරලියේ රතන හිමියන් අරලියගහ මන්දිරයට ගොස් ඊයේ පස්වරුවේ අගමැතිවරයා හමුවූ බව ඔහු කීවේය

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් ලබන එකොළොස් වැනිදා කැඳවන බව අගමැතිවරයා දැන්වී යැයි ද හෙතෙම සඳහන් කළේය(ලංකාදීප)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More