යාපනය පොලිස් ස්ථානයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි පොලීසිය පවසයි.
ඒ අනුව අප්‍රේල් 12 වනදා සිට අද (04) දිනය මේ දක්වා යාපනය පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් 38 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
පළමුව නිලධාරීන් 09 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වීමත් සමග යාපනය පොලිසියේ අදාල නිලධාරීන්ගේ සමීප ආශ්‍රිතයින් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කරන ලදී.
ඒ අනුව වරින් වර ලබාගත් පී.සී.ආර්. පරික්ෂණ වාර්ථාවන්ට අනුව ආසාදිතයින් හඳුනාගෙන ප්‍රතිකාර සහ නිරෝධායනයට යොමු කොට ඇති බව යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පැවසීය.(දෙරණ අරුණ ඇසුරෙන් )
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...