දේශීය පුවත්

මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් සහ සෞඛ්‍ය උපකරණ ලබාගැනීමට ජාත්‍යන්තර වශයෙන් සහාය ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විදෙස් තානාපතිවරුන්ගෙන් ඉල්ලීම් කර ඇත.

ශ‍්‍රී ලංකාවේ පවත්නා කොරෝනා අවදානම් තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විදෙස් තානාපතිවරුන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් මෙසේ විශේෂ ඉල්ලීම් කිහිපයක් කර ඇත.

මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් ලබා ගැනීමට සහ සෞඛ්‍ය උපකරණ ලබාගැනීමේදී ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයාා ඔවුන්ගෙන් ඉල්ලා ඇති අතර ඊට වඩාත් සුබදායි ප‍්‍රතිචාර ලැබී ඇත. මේ ව්‍යසනකාරී අවස්ථාවේ පක්ෂ භේද අමතක කොට එකාවන්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව විපක්ෂ නායකවරයා විසින් මෙහිදී අවධාරණය කර ඇත.(දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More